දේශපාලන විද්‍යාව රසවත් විෂයයක් බවට පත් කළ මහාචාර්යවරයා

 

මහාචාර්ය එම්. ඕ. ඒ. ඩි. සොයිසා මහතා අභාවප්‍රාප්ත වි ඇති බව සංවේගයන් දැනුම් දෙමු. එතුමා කාලයක්ම රෝගාතුරව සිටියේය. එතුමා දේශපාලන විද්‍යාව පිළිබඳ අප රටේ සිටි ඉහළ පෙළේ ගුරුවරයෙකි. එසේම ජිවිතය හා දේශපාලනය පිළිබඳ ඉතා ප්‍රායෝගික එළඹුමක් ඔස්සේ බැලූ විද්වතෙකි. තමා දැරූ අදහස් සමග ප්‍රතිපත්ති ගරුකව ජිවත් වූවෙකි.

“කරු.. මා තව වැඩි කලක් ජීවත් වෙන එකක් නෑ.” මේ ළඟදී දුරකථනයන් මා අමතා ප්‍රකාශ කළේය. ඒ අතර මට යම් යම් උපදේශ කිහිපයක් දීමට ද අමක නොකළේය.

මෑතකදී ඔහු අමෙරිකන් ආණ්ඩු ක්‍රමය පිළිබඳ ඉතා වැදගත් කෘතියක් ලියා පළ කළේය. මම ඒ පොත ගැන කෙටි විචාර සටහනක් පළ කළෙමි. ඔහු එය ඉතා ඉහලින් අගය කළේ තම කෘතිය පිළිබඳ පාඨකයකු ලියූ වටිනාම විචාරය එය බව සඳහන් කරමින්ය. ලංකාවේ පක්ෂ ක්‍රමය පිළිබඳ මා කරමින් සිටින ශාස්ත්‍රීය පර්යේෂණයකටද ඔහු උදව් කරමින් සිටියේය. දේශපාලන විද්‍යාව ඔහුගේ විෂයයයි. එසේම ප්‍රායෝගිකව ලෝකය දෙස බලමින් වැඩ කරන දේශපාලන ක්‍රියාකාරිකයන්ට ඔහු ඇලුම් කළේය.

දේශපාලන විද්‍යාව නමැති විෂය ගර්හිත අභිධර්මයක් නොකර ඉගෙන ගැනීමට ආසා හිතෙන රසවත් විෂයයක් බවට පත් කිරීමට කැපවී කටයුතු කළේය. එතුමන්ගේ අභාවය පිළිබද අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.

-කරු පරණවිතාන-

Social Sharing
නවතම පුවත් විශේෂාංග