රැට්ටලාගේ ගනුදෙනු සැකයි සීඅයිඩී පරීක්ෂණ

ගෝඨා ගෝ ගම අරගලයේ නිරත ප්‍රබල ක්‍රියාකාරීන් තිදෙනකු දේශීය බැංකු ගිණුම් තුනකට විදේශයන්හි සිට විශාල මුදල් ප්‍රමාණයක් ගෙන්වාගෙන ඇති බවත් එම මුදල් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

එම වෙබ් අඩවිය වෙත අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කරන්නේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරීක්ෂණ සිදුකරනගෙන යන බවයි.

රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා, ඩිලාන් සේනානායක, අවිශ්ක විරාජ් කෝනාර යන අය මෑතකදී ලංකා බැංකුවේ යූනියන් පෙදෙසේ බැංකු ශාඛාවේ අලුතින් බැංකු ගිණුම් තුනක් ඕපන් කර ඇති බවද එම ගිණුම්වලට විදේශයන් හි සිට රුපියල් මිලියන 45ක මුදලක් ගෙන්වාගෙන ඇති බවටත් එම වෙබ් අඩවිය අනාවරණය කරයි.

එම මුදල් පැමිණීමෙන් සුළු මොහොතකට පසු එම බැංකු ශාඛාව වෙත පැමිණි ඉහත ක්‍රියාකාරිකයන් එම මුදල් නිදහස් කරගෙන ගොස් ඇතැයිද එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරයි.

කෙසේවුණත් එම අරගලකරුවන් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Social Sharing
නවතම පුවත්