ගෝඨා මාලදිවයිනෙන් පිටවෙයි..!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට ටික වෙලාවකට ප්‍රථම මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව මාලදිවයින් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වී තිබෙන්නේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (13) සවස සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතව තිබියදී ආරක්ෂක හේතූන් මත ගුවන් යානයට ගොඩවීම ප්‍රතික්ෂේප කර සිංගප්පූරුව බලා යාමට පෞද්ගලික ගුවන් යානයක් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබෙන අතර අවසානයේ ඔහු සෞදි ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පිටත්වී ඇත.

ඔහු සිංගප්පූරුවේදී එරටින් දේශපාලන සරණාගතභාවය ලබාගන්නට බලාපොරොත්තුව වෙනබවද දැනගන්නට ලැබේ. ඔහු සිංගප්පූරුවට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකරන බවද දැනගන්නට ලැබේ.

Social Sharing
නවතම