පවතින අර්බුධය ඉකමනින් විසදනවා – ජනපති

ගෑස්, ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමේ ගැටළු විසඳීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජූලි 12 වන අඟහරුවාදා වන විට ගෑස් සහ ඉන්ධන තොග ශ්‍රීලංකාවට පැමිණෙනු ඇති බවයි.

එසේම විපක්ෂය විසින් ප්‍රචාරය කරන වැරදි පණිවිඩවලට නොරැවටෙන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තවද ඔහු සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවති සාකච්ඡා සාර්ථක වී ඇති හෙයින් ඉදිරි සතිකිහිපය තුළ මූල්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

එසේමදීර්ඝ කාලීන සහ සැලසුම් සහගත වෑයමකින් පසු එහි ප්‍රතිලාභ රටට උදාවෙමින් පවතිනවායැයිද ඔහු වැඩිදුරටත් එමනිවේදනයෙහි පවසා ඇත.

Social Sharing
නවතම