පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නෑ ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන්

පොලිස්පතිවරයා ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය පිළිබඳව ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම් ඒ සුමන්තිරන් ප්‍රකාශ කරන්නේ පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නොමැති බවය.

මෙම නිවේදනය ජනාධිපතිවරයාට සහ රජයට විරුද්ධව ජනතාව විරෝධතා දැක්වීම අධෛර්‍යමත් කරන්නට නිවේදනය කළ නීති විරෝධී නිවේදනයක් බව ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම පොලිස් ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කරන්නේ පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවය.

Social Sharing
නවතම පුවත්