“නිරුවතින් හිඳ වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගසනු එපා!” – පාඨලී මහින්දට කියයි

සමගි ජන බලවේගය කිසිඳු අයුරකින් දෙමල ජාතික සන්ධානය (TNA) සමඟ ෆෙඩරල් එකඟතාවයකට ගිවිසුම් නොගැසූ බවත්, තම පක්ෂයේ ප්‍රතිපත්තිය පැහැදිලිවම ඒකීය රාජ්‍යක් සඳහා බවත් පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දෙමල ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තියා සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් කියවා නැති බවත්, තමන් නිරුවතින් වීදුරු ගෙවල් වල සිටන් ගැසීම නොකරන ලෙසත් එහිදී අවධාරණය කළේය.

බෙදුම්වාදය ශක්තිමත් කිරීම සඳහා LTTE සංවිධානයේ කටයුතු කල නායකයින් සමඟ ගනු දෙනු කරමින් එම පිරිස් හට තම දේශපාලන පක්ෂයේ තනතුරු පවා පිරිනමමින්, 1200 ට අධික කොටි සංවිධානයේ සාමාජිකයින් පොහොට්ටුව හී දේශපාලන කටයුතු වලට යොදා ගනිමින් තමන් කරන්නේ කුමක් දැයි? පාඨලී චම්පික රණවක මහතා එහිදී මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

Social Sharing
නවතම