හිරුණිකා මන්දිරයටම ගිහිං..!

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් සුළු පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය අසලටම ගොස් ඇත.

අද (7) උදෑසන 11ට පමණ ජනාධිපති මන්දිරයේ මිදුලටම ගොස් එහි සිට ෆේස්බුක් හරහා සජීවීව ජනතාව ඇමතූ හිරුණිකා ප්‍රකාශ කළේ තමන් මන්දිරය අසලටම එනකම් බුද්ධි අංශ කිසිත් නොදන්නා බවයි. එහි පාරේ හිඳ ගනිමින් ජනාධිපතිවරයාට ගෙදර යන්න යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ කණ්ඩායම කෑගසමින් සිටින අතර ඔවුන් එම ස්ථානයේ කොටුවෙන ලෙස ආරක්ෂක යකඩ වැටක් හදිස්සියේ ඉදිකිරීමට හමුදාව කටයුතු කරනු පෙනුනි.

මෙම පුවත ලියන මේ මොහොත වෙනවිටත් කොළඹ කොටුව ජනාධිපති මන්දිර පරීශ්‍රයේ මෙම විරෝධතාවය පැවැත්වෙන අතර එහි සිට ඇය අරගලකරුවන්ට ආරාධනා කළේ තමන් සමග එකතුවෙන ලෙසය.

Social Sharing
නවතම පුවත්