වැඩවර්ජනය නතර කරන්න රු. 32,039,733ක් ගෙවලා

2020 වර්ෂයේදී අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව ලංකා බැංකුව විසින් පූර්ව පරිණත විශ්‍රාම ප්‍රතිලාභ ලෙස හිටපු සාමාන්‍යාධිකාරී වෙත රු. 32,039,733ක් ගෙවා ඇති අතර ඒ පිළිබඳව පසුගිය දා කෝප් කමිටුවේදී සාකච්ඡාවී ඇති අතර එහිදී එම බැංකුවේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් නිසා එසේ ගෙවන්නට වූ බවයි.

මෙම මතභේදයට තුඩුදෙන ගෙවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී සාකච්ඡා වූ විට ලංකා බැංකුවේ සභාපතිවරයා සඳහන් කළේ මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පූර්ව පරිණත විශ්‍රාම යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය වැඩවර්ජනයක් දියත් කළ බවත් මේ වැඩවර්ජනය හේතුවෙන් දිනකට පාඩුව රුපියල් මිලියන 75 ක් වූ බවත්ය. මේ නිසා එම වැඩවර්ජනය ඉක්මනින් අවසන් කිරීමේ අරමුණෙන් මෙම තීරණය ගන්නට සිදු වූ බවයි. මේ පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කළ බවද හෙතෙම සඳහන් කර ඇත. බැංකුවට එක් දිනක් තුළ සිදුවූ විශාල පාඩුව දින කිහිපයක් සිදු විය හැකි නිසා මෙම තීරණය ගෙන ඇති බවද ලංකා බැංකුවේ සභාපතිවරයා එහිදී පවසා ඇත.

Social Sharing
නවතම