මෙන්ඩිස් ලා එකම දේපළක් රාජ්‍ය බැංකු දෙකකට ඇපයට තියලා ?  

සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණයලබාගෙන තිබේ දැයි  කෝප් කමිටුවේ අවධානයට ලක්වී ඇත.

ලංකා බැංකුවේ 2018, 2019 මුදල් වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ සාකච්ඡාකිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අද (24) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුකරඇත.

මෙහිදී පසුගිය වසර පහක කාලය සඳහා ඉහළම අක්‍රීය ණය ශේෂ සහිත සමාගම් කිහිපයක් පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර එමසාකච්ඡාවේදී සිමාසහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම පිළිබඳ සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම සමාගම 2021 වර්ෂයවනවිට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ඇපයට තබා ඇති දේපළ පිළිබඳ පැමිණ සිටි මන්ත්‍රීවරුන් ලංකා බැංකු නිලධාරීන්ගෙන්කරුණු විමසා ඇත. මෙහිදී එම නිලධාරීන් අදාළ දේපළ පිළිබඳ විස්තර හෙළිකිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකසහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය දා කෝප් කමිටුව හමුවට මහජන බැංකුව කැඳවූඅවස්ථාවේ දී එම නිලධාරීන් පැවසුවේ මෙම සමාගම මෙම දේපළම ඇපයට තබා මහජන බැංකුවෙන් ණය ලබාගෙන ඇතිබවයි. ආසන්න වශයෙන් මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් බිලියන 7 පමණ ණය මුදලක් ලබාගෙන ඇතිබවයි. මේ නිසා මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බව මෙමමන්ත්‍රීවරු පෙන්වා දී ඇත.

මෙහිදී කෝප් කමිටු සභාපතිවරයාද පෙන්වා දී ඇත්තේ, ඉදිරියේදී අදාළ බැංකු දෙකම කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳවාර්තාවක් සකස්කොට එම වාර්තාවද සමගින් මෙම කරුණ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වනබවයි.

Social Sharing
නවතම