නව මුදල් ඇමති ගෝඨාභය

මුදල් අමාත්‍යවරයෙක් සොයාගන්නා තෙක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම පත්වීමට අදාළ නිළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇත.

මෙම ආර්ථික අර්බුදය හමුවේ රටේ වැදගත්ම අමාත්‍යාංශය වන මෙම අමාත්‍යාංශය සඳහා පත්වන්නේ කවුද යන්න පිළිබඳව පසුගිය කාලයේදී දිගටම මාධ්‍ය ප්‍රශ්න කළ අතර, රජයේ ආරචි මාර්ග ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශය සඳහා අමාත්‍යවරයෙක් පත්වෙන තුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම ධුරයේ කටයුතු කරනු ඇති බවය. එමෙන්ම සජබ මන්ත්‍රීවරුන් වන ආචාර්‍ය හර්ෂ ද සිල්වා සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන් ගෙන් කෙනෙක් හට මෙම ධුරය ලැබීමේ ඉඩක් තිබෙන බවද එහිදී කරුණු වාර්තා විය.

Social Sharing
නවතම