මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

ජනප්‍රිය යූටියුබ් මාධ්‍යවේදියෙක් වන දර්ශණ හඳුන්ගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා පසුව ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි අයිතිය වෙබ් අඩවිය වෙත කරුණු වාර්තා වෙයි.

එලබෙන 25 දා උදෑසන 10ට සීඅයිඩීය හමුවේ පෙනී සිටින ලෙස මෙම මාධ්‍යවේදියාට දැනුම්දී ඇති අතර ඔහු පසුගිය කාලය පුරාවටම යූටියුබ් මාධ්‍ය හරහා රටේ පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳව වගේම වංචා දූෂණ ආදිය පිළිබඳව හෙළිදරව් කිරීම් කළ පුද්ගලයෙක් ය.

ඔහු අත්අඩංගුවට ගන්නේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි තොරතුරු නැති අතර පොලීසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ මෙම මාධ්‍යවේදියා හෙට ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතරුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතැයි කියා ය.

Social Sharing
නවතම විශේෂාංග