හිටපු ඇමති අලි සබ්රි ගැන ආවර්ජනාවක්:

ගෝඨාභය රාජපක්ෂගේ ලංකාවේ පුරවැසි භාවය ප්‍රශ්න කරමින් මමත්, තේනුවරත් ගොනු කළ පෙත්සම අධිකරණය විසින් වීසි කළ දවසට දින දෙකකට හෝ තුනකට පසුව, ගෝඨාභයගේ නීතඥ අලි සබ්රි පහත සඳහන් සටහන මුහුණුපොතේ ලියා තිබුණා:

“වියන්ගොඩ, තේනුවර, මේ නිහඬ බව බිඳින්න-තව මොනවා හරි කරන්න”.

මේ නඩුව නිසා පරාජිතව, ජීවිත තර්ජනයට ලක්ව සිටි අප දෙදෙනාට, උගත් නීති වෘත්තිකයකු වශයෙන් සිටි අලි සබ්රි එදා ප්‍රසිද්ධියේ සිනාසුණේ එලෙසයි.

අවුරුදු තුනක් ගෙවී ගිහිං අද දවසෙ එම අලි සබ්රි තමාගේ දෙමාපියන් සහ දරුවන් ගැන විශාල බයක් මේ මොහොතේ තමාට ඇති වී තිබෙන නිසා, මින්පසු නැවත දේශපාලනයට නොඑන බව කියා තියෙනවා.

ඔබට මම සුභ පතනවා. ඔබේ දෙමාපියන්ට සහ දරුවන්ට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා.

ඒ සමගම, ඉහත සඳහන් පෝස්ටුව ඔබ පළ කරන දවසේ මගේ දෙමාපියන් නොසිටියත් මටත් දරුවන් තුන් දෙනෙකු සිටි බව ඔබේ දැන ගැනීම සඳහා ලියා තියන්නම්.

ඒ සමගම වැදගත් කාරණයක් මතක් කර දෙන්න ඕනෙ: දේශපාලනය අතහැරියට කමක් නැහැ. ඔබ ළඟ එදා නොතිබුණු සදාචාරය දැන්වත් වඩවා ගන්න බලන්න.

ගාමිණී වියන්ගොඩ

Social Sharing
නවතම විශේෂාංග