රත්නජීවන් හූල්… ඊළඟට මොකද වෙන්නේ?

වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල් මඩ පිට මඩ වැදුනත් තවමත් මැතිවරණ කොමිසමේ රාජකාරි කරන්නේය.

පහුගිය කාලයේ රත්නජීවන් හූල් හා ඇගේ දියණිය සම්බන්ධයෙන් විශාල වශයෙන් ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි. ඒ් ඔහුගේ  දියණිය නිරෝධායන නීති නොතකා නිරෝධායනය වු හෝටලයේ  සිට කෙලින්ම  මැතිවරණ කොමිසම් කාර්යාලයටත් පැමිණ මැතවරණ කොමිසම් කාර්යාලයට අයත් වාහනයකින්ම යාපනය බලා ගිය බව කියමිනි.

මේ  අතර තවත් පිරිසක් කියන්නට වුයේ මැතිවරණය කල් දා ගැනීමේ කුමන්ත්‍රණය පිටුපස රත්නජීවන් හූල් සිටින බවය. විපක්ෂය විසින් දිගින් දිගටම ජුනි 20 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඒදිනට නොපවත්න ලෙස හා නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම් කර තිබුණි. ඔවුන්ට මැතිවරණ කොමිසමේ සහාය දැක්වුයේ රත්නජීවන් හුල් විසින් බවටද චෝදනා කෙරුණි.

මේ සියල්ල සිදු වෙමින් පැවතියදී පහුගිය මැයි 31 වන සති අග අන්ත ප්‍රධාන පුවත්පතක පළ කර තිබුණේ හූල්ගේ තවත් හොර වැඩක් යනුවෙන් පුවතකි.

ඒහි සඳහන් කර තිබුණේ මොහු වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ ග්ලේන් ආබර් පෙදෙසේ නවාතැන් ගනිමින් කොමිෂන් සභා කාර්යාලයට යාමට ඇති දුර ප්‍රමාණය කිලෝ මිටර් 350 ට වැඩි අය වෙනුවෙන් ලබා දෙන රුපියල් 50000 දීමනාව ලබා ගෙන ඇති බවය.

ඒමෙන්ම මොහු කොළඹ සිට යාපනයට යාමට සහ ඒ්මට ඉකුත් වසර කීහිපය තුල මැතිවරණ කොමිසමේ වාහන භාවිතා කර ඇතැයිද පවසා තිබුණි. ඒහි ආසන්නම සිදුවීම ලෙස දක්වා තිබුණේ නිරෝධායනය වු දියණිය නිවසට කැඳවාගෙන යාමේ සිද්ධියය.

මොහුගේ මෙම නීත්‍යානුකූල නොවන සිදුවීම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් මැතිවරණ කොමිසම විසින් සිදු කර නොමැති බවද ඒම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

මේ අතර ඒම පුවත සම්බන්ධයෙන් රත්නජීවන් හුල් මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සමාජ මාධ්‍ය හරහා කර තිබුණි. ඒ් ඔහු වසර හතරක් තිස්සේ මැතිවරණ කොමිසමේ රැස්වීම්වලට පැමිණියේ යාපනයේ සිට බව පවසමිනි.

ප්‍රවාහන දීමනා වශයෙන් කිලෝමීටර 350ට අඩු දුරක සිට පැමිණෙන සාමාජිකයන් රු. 25,000ක්ද කිලෝමීටර 350ට වැඩි දුරක සිට පැමිණෙන සාමාජිකයින් සඳහා රු. 50,000ක්ද ලැබෙන අතර ඒ් මහතා ප්‍රකාශ කර සිටින්නේ වසර හතරක සිට ඔහු යාපනයේ පදිංචිව සිටින බැවින් රු. 50,000ක ප්‍රවාහන දීමනාව ලබාගන්නා බවය.

තමන් අවශ්‍ය අවස්ථාවලදී නිල නිවස පරිහරණය කරන බවත්, පසුගිය වසර තුනක කාලයක පටන් භාවිත කරන්නේ කාර්යාලයේ නිල රථ බවත් ඔහු වැඩිදුරටත් කියා ඇත.

ඒසේ නම් රත්නජීවන් හූල් සම්බන්ධයෙන් ඊළඟට නැගෙන චෝදනාව කුමක්ද?

-ශානිකා-

Social Sharing
නවතම