ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

දෘෂ්ටිවාදයයන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේමිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයනය‘ කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන්අදහස්වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර අප එළඹෙන අදහස් දෘෂ්ටිවාදී වේ. එක් එක් මනුස්සයාටදෘෂ්ටිවාද වෙන වෙනම නැත. දෘෂ්ටිවාද යනු ඓතිහාසික පරිනාමයක් සහිත, බොහෝවිට ඉතිහාසයක් සහිත සමාජ ප්‍රවර්ගයකි. ඊනියා සාමාන්‍ය මිනිසාඅදහස් වල ඉතිහාසයගැන උනන්දු නැත. මිනිසුන් බොහෝවිට හැසිරෙන්නේ සියලු අදහස් ඕපපාතිකවජනනය වූ ලෙසිනි. දෘෂ්ටිවාදී විකාශනයන් හා නිශ්චිත දෘෂ්ටිවාදයකින් දැන් මේ මොහොතේ ඉෂ්ට කරන්නේ කුමන කාර්‍යභාරයක්දයන්න විචාරයට ලක්කිරීම දේශපාලනයේ මූලික අධ්‍යාපනයකි.

මේ පෙරවදන උදව් කරගනිමින් අපි බලමු 2022 අප්‍රේල් නැගිටීම් තුළ අධිපති බලයක් සහිත දෘෂ්ටිවාද ක්‍රියාත්මක වන්නේකොහොමද  කියල.

අප්‍රේල් නැගිටීම්වල ප්‍රධානතම දෘෂ්ටිවාදයක් වන්නේ මේ නැහිටීම්තනි නායකත්වයක් නැති, නිර්පාක්ෂිකනැගිටීමක් බව. මේඅදහස සටන්පාඨයක් ලෙස රැගෙන එන්නන්ගේ ස්වරූප බහුගුණය. ලිබරල්, වාමාංශික, ජාතිකවාදී ආදී මේ නැගිටීම නියෝජනයකරනා විවිධ පාර්ශව පෙනීසිටිනා පොදු දෘෂ්ටිවාදය මේඅරාජිකවාදයයි‘. මෙය අරාජිකවාදයක් ලෙස හැදින්වූයේතනිනායකත්වයක් නොමැතිබව සටන්පාඨයක් ලෙසමගෝටා ගෝ හෝම්උද්ඝෝෂණ තුළ වටිනාකමක් අත්පත්කරගෙන ඇතිබැවිනි. අපි මෑතකාලීනව ලංකාවේ ජනප්‍රිය අධිපති දේශපාලනික දේශපාලනය තුළ මේ අදහස විකාශනය වූ ආකාරය පරීක්ෂාකරමු.

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ප්‍රතිඵල කුතුහලය දනවන සුළුයි. වනවිට ලංකාවේ ඉතිරි වී තිබූ මහා, ප්‍රධාන පක්ෂදෙකක සංකේතීය අවසානයක් (?) එමගින් සලකුණු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයයි. නමුත් ලංකාවේපුද්ගලවාදයට අදාලව දෘෂ්ටිවාදී පදනම මීට කලකට පෙර සිටම සංකීර්ණ තත්ත්ව යටතේ ප්‍රතිව්‍යුහගත වෙමින් තිබිණ. අධිපතිරාජපක්ෂවාදය 2015 දී පරාජය කිරීමට ඉදිරිපත්වීමට තනි පක්ෂයක් නොතිබුනු අතර යහපාලන කණ්ඩායම රැගෙන ආවේපොදුඅපේක්ෂකයෙකි‘. එහි යෝජනාව වූයේ සමාන දේශපාලන අභිලාෂ සහිත මිනිසුන් පිරිසක් එකතු වූපක්ෂයක්පිළිබඳව විශ්වාසකිරීම වෙනුවටපුද්ගලයෙක්විශ්වාස කරනා බරපතළ දේශපාලන අභිලාෂ නොමැති, වෙනුවටරාජපක්ෂවාදයට එරෙහි බවමත පමණක් එක් වූ දුර්වල දේශපාලන ගොනුවකි. එවැනි පවුල් දේශපාලන විරෝධයකට තනි පක්ෂයක් අවශ්‍ය නොවීය. රාජපක්ෂලව 2015 ගෙදර යැව්ව දේශපාලනිකව යහපාලනය නැවතුන තැන කව්රුත් දනී.

ඉන් අනතුරුව නැවත වටයකින් රාජපක්ෂවාදී දේශපාලන බලහවුල ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියකර හරිමින්පොහොට්ටුව නමින් නව පක්ෂයක් (?) ඉදිරිපත් කරමිනි. එම පක්ෂයේ සංයුතිය සැලකුව විවිධ කුඩා පක්ෂ සමූහයක හා බැසිල්රාජපක්ෂ නම් දේශපාලන සංවිධායක වටා එක් වූ පිරිසකගෙන් සමන්විත වූවකි. ඊට දිග්ගැස්සුනු දේශපාලන අභිලාෂ නොවුනු අතර පක්ෂය තුළම වූජාතිකවාදයටඇති බලය බෙදාගැනීමට පවා ඔවුන් අතරම පොරයක් පෙනෙන්නට විය. රටජාතිය වෙනුවෙන්වැඩිපුර පෙනී සිටින්නේ බණ්ඩාරනායක උරුමය ඇති නිදහස් පක්ෂයදවිමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද? ගෝටාභයරාජපක්ෂ  වෙනුවෙන්ම තැනුණු වියත් මගද? ගෙවිදු කුමාරතුංගගේ යුතුකම සංවිධානයද? වසන්ත බණ්ඩාරගේ ජාතික සංවිධානඑකමුතුවද? ඩෑන් ප්‍රියසාද්ලාගේ සිංහ ලේද? යන ගැටළුව හරහා බෙදිම් දිස්විය. අර්ථයෙන් රාජපක්ෂ පවුල නම් සාධකය ඉවත්වුවහොත් පොහොට්ටුව යනු කිසිසේත්ම ශක්තිමත් දේශපාලන පදනමක් සහිත පක්ෂයක් නොවීය.

මේ පසුබිම අනුව බැලූවිට පොහොට්ටුවජාතිකවාදයශක්තිමත් දෘෂ්ටිවාදයක් ලෙස භාවිත කල පක්ෂයක් ලෙස සැලකියනොහැක. වෙනුවට එහි මූලික දෘෂ්ටිවාදය ලෙස ඉදිරිපත් කෙරුනේරාජපක්ෂවාදයයි‘. කව්රුන් හෝ රාජපක්ෂවරයෙකුට ඇතිපක්ෂපාතීත්වය එහි මූලික ගුණාංගයයි. අනුව පොහොට්ටුව යනු මහා පක්ෂයක් ඉවර කර බිහි වූ තවත් ශක්තිමත් පක්ෂයක්ලෙස සැලකීම ගැටළුකාරීය. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටු කදවුරේ 2019 ජනාධිපති නාමයෝජනාව පවා විශාල අර්බුදයකටලක් විය. අභ්‍යන්තර අර්බුදයත් නිසාම හා සමාජයේ වර්ධනය වී ඇති පක්ෂ සදහා වූ අපුල නිසාත් ගෝඨාභය රාජපක්ෂවඉදිරිපත් වූයේ පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයා ලෙස නොවනිර්පාක්ෂික අපේක්ෂකයෙක්ලෙසිනි.

අරාජිකවාදය‘ – ජනාධිපතිවරණයේ සිට ගෝල්ෆේස් දක්වා

දැන් අයෙකුට ලංකාවේ මේ නවනිර්පාක්ෂික දෘෂ්ටිවාදයමෑතකාලීන අධිපති දේශපාලන අදහසක් ලෙස විකාශනය වූ ආකාරයපැහැදිළි විය යුතුය. අවසන් ජනාධිපතිවරු දෙදෙනාගේම ප්‍රචාරක පාඨ වූයේපොදු අපේක්ෂකහානිර්පාක්ෂික අපේක්ෂකයන්නයි. තවදුරටත් මිනිසුන් සමූහයක් එකතු වූ සමූහයකගේ දේශපාලන අභිලාෂයන් වෙනුවට එක් පුද්ගල චරිතයක් මත විශ්වාසකිරීම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙස කලඑළි බැස ඇත. දෘෂ්ටිවාදය විසින් දැන් දශකයකට ආසන්න කාලයක් ජනාධිපතිවරුදෙදෙනෙක් හරහා ලංකාවේ මිනිසුන්ගේ ජීවිත තීරණය වී ඇත.

ඊනියා මහජනයා අතර ක්ෂුද්‍ර තලයේ සංවිධානය වන දෘෂ්ටිවාදය පුද්ගලවාදය වන විට උපරි ව්‍යුහය හෙවත් මහා තලයේ එයප්‍රකාශමානවන ආකෘතිය වන්නේ අරාජිකවාදයයි. පුද්ගලවාදයේ දේශපාලන ප්‍රකාශනය අරාජිකවාදයයි. අරාජිකවාදය විසින් අපටඉගිකරන දේශපාලන චිත්‍රය තරමක් සංකීර්ණ, ව්‍යාකූල එකකි. විශේෂයෙන් ගෝල්ෆේස් උද්ඝෝෂණ සංයුතිය තුළ මේ ගුණයවිද්‍යමාන වෙන ආකාරය සංකීර්ණය. තුළනායකයන් නෑකිව්ව නායකයන් ඇත්තේම නැද්ද? ඉන්නව. කෙවැනි නායකයන්දඉන්නෙ?

ලංකාවේ අප්‍රේල් නැගිටීම් ප්‍රංශ හෝ රුසියානු විප්ලවවලට සමාන කරන්න හදිසි වීම වෙනුවට අප මේ ජීවත්වන යුගයේමිනිස්සමූහපිළිබඳව දෘෂ්ටිවාදය සංවිධානය වන මූලික ආකෘතිය කුමක්දැයි පරීක්ෂා කරමු. ගෝල්ෆේහි ගෝටා ගෝ ගම අවකාශයයනු එක අතකින් දත්ත ප්‍රාග්ධන හෝ මහා දත්ත යුගයේ අන්තර්ජාල තත්‍යසම අවකාශ භෞතික ලෙස හමුවීමකි. මුහුණු පොතවැනි තත්‍යසම අවකාශ වල සාමූහිකයන් යනු බුබුළු ආකෘතියකි. එක් බුබුළක සිටින්නන්ට ලෝකය යනු බුබුළයි. වාමාංශිකබුබුළු, විකල්ප බුබුළු, ප්‍රජාතන්ත්‍රවාදී බුබුළු, බුද්ධිමය බුබුළු, යහපාලන බුබුළු ආදී බුබුළු දැන් බහුගුණ වී ඇත. ගෝටා ගෝ ගමතුළ මතුවන පශ්චාත් නූතන සංස්කෘතික නායකයන් යනු එවැන්නන්ය. උපුල්ශාන්ත සන්නස්ගල, මෝටිවේෂන් අප්පච්චී, රැට්ටා, මහකුඹලා අජිත් පෙරේරාගේ සිට පානදුරේ ලාල් වැනි තත්‍යසම චරිත හරහා ගෝටා ගෝ ගමට පිරිස් බුබුළේ සිටී. ඔවුන් මේනැගිටීමේ ප්‍රචාරක යන්ත්‍රයේ භූමිකාවක් දරයි. පෙරටුගාමී හෝ අන්තරේ හෝ විකල්ප වමේ බුබුළු වෙනම රසික ජයකොඩිගේෆෑන්ස්ලා වෙනම සුනිල් විජේසිරිවර්ධන ප්‍රවර්ගය වෙනම බේකරිය රාජාගේ පිරිස වෙනම ආදී බහුගුණ වූ විවිධ බුබුළුශාරීරිකවම ගෝටා ගෝ ගමට පැමිණ ඇත්තේ අන්තර්ජාලයේ බුබුළු තර්කණය ගාලුමුවදොරට ශාරීරිකවම රැගෙන එමිනි. මේසියල්ලෝ එකපොදියට ඉන්නා විට සමහරු ඊටමහජනයායයි කියයි. හැබෑය. මහජනයාය. මහජනයා යනු බිදුනු ප්‍රවර්ගයකි. නමුත් මහජනයා පෙනීසිටින්නේ සමස්තයක් ලෙසිනි. දේශපාලන උගුල ඇත්තේ එතැනය. පරීක්ෂාවට ලක්කිරීමට ඉතා අසීරුප්‍රමුඛතම දේශපාලන දෘෂ්ටිවාදයක් ලෙසමහජනයානම් ප්‍රවර්ගයක් අපට එලෙස අභිමුඛ වෙයි. තුළ සාම්‍යයක් හෝ තුළඑකමුතුවක් හෝ ඔවුන් අතර සම්මුතියක් ඇතැයි පිළිගැනීමට බලකෙරෙමින් තිබේ. මේ සම්මුතිය කෙවැනිද? ගෝටා ගෙදර ගියවිටකිසිවෙකුට හෝ කණ්ඩායමකට දේශපාලන තීරණ ගැනීමට සිදුවේ. මහජනයා යළි ජේවීපීකාරයන්, යූඑන්පීකාරයන්, පෙරටුගාමීන්, ජාතිවාදීන්, ගේම්කාරයන් ලෙස වේශය මාරු වන්නේ එවිට. දේශපාලනය ආරම්භ වන්නේ එවිටය.

මේ දක්වා මේ අය විකල්ප වේවා ප්‍රධාන ධාරාවේ වේවා, ඔවුන්ගේ ඉදිරිපත් වන පොදුකුණාකාරය අරාජිකවාදයයි. නායකයෙක් හෝපක්ෂයක් හෝ වැඩපිළිවෙළක් නැති උද්ඝෝෂණ හරහා පද්ධති වෙනස් කල හැකි යයි ඔවුන් විශ්වාස කරති. එනිසා බොහෝදෙනාඅප්‍රේල් නැගිටීම්වලින් බලාපොරොත්තු දල්වාගෙන සිටී. විකල්ප පිරිස් ජනප්‍රිය ප්‍රධාන ධාරාව ඇත්වැල් බැදගෙන ඇත. සුනිල්නන්දා සිට ජාතිකවාදී ජයන්ත චන්ද්‍රසිරි දක්වා පරාසයක් සදහා ගාලුමුවදොර දොරටු විවෘත වී ඇත. මේ අය එක් වී කියන එක්සටන්පාඨයක් පැහැදිළිය. ගොඨාභය ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුවට ගෙදර යන්න කියායි. එය එසේ සිදුවේද නොවේදයන්න විවෘතය. එසේ සිදුවුවහොත් එය අවිවාදයෙන් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පැහැදිළි සංධිස්ථානයක් වනු ඇත. නමුත්ගැටළුව ඇත්තේ එතැන නොවේ. ගැටළුව වන්නේ මේ සමස්ත උද්ඝෝෂණ ප්‍රමුඛ අප්‍රේල් නැගිටීම අප දේශපාලනිකව ස්ථානගතකරන්නේ කෙසේද යන්නයි. යෝජනාවක් ලෙස එන්නේ ක්‍රියාදාමය තවමත් සිදුවෙමින් පවතින බැවින් ස්ථානගත කිරීමට හදිසිනොවනා ලෙසයි. හැබෑය, දේශපාලනයේදී අහඹු අවස්ථාවට ඇති වටිනාකම ඉහළය. නමුත් මතුකළ යුතු ගැටළුව වන්නේමක්‍රියාදාමය යනුම ඕපපාතික ඉබේ සිදුවන්නට දී බලා සිටිය යුත්තක්ද යන්නයි. ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නය වන්නේදේශපාලනයඕපපාතිකද‘? යන්නයි. දේශපාලනය තුළ ඕපපාතිකත්වයට ඇති වටිනාකම කුමක්ද යන්නයි. ක්‍රියාවලිය අතරේ විචාරයක් අවශ්‍යවන්නේ නැගිටීම් වල දිශානතිය සලකුණු කර ගැනීමටය. බහුතරයක් දෙනා අප්‍රේල් නැගිටීම් සදහා ආවඩන මොහොතක එයවිචාරයට ලක්කිරීමේ අසීරු කාර්‍ය පිළිබඳව අපගේ දේශපාලනික උනන්දුව තවදුරටත් පවත්වා ගමු.

බුබුළු දේශපාලනයේ කෙළවර ?

මුස්ලිම් සිංහල මිනිසුන් කෑම බෙදාගැනීම හෝ සිංහ කොඩි එසවීම හෝ නලානාද කිරීම හෝ ප්‍රභූවාහන වලට එරෙහිව ගොස්පාර සුද්ද කරගෙන යාම හෝ පොලිස් නිලධාරියෙකුගේ හැගීම්බර වීඩියෝ කතාවක් හෝ ගෝල්ෆේස් පිටියේ රෑට හොඳහැටිකුණුහරුප කීම හෝ ගෝටා ගෝ ගමේ කූඩාරමක නැවතීම හෝ ගෝටා ගෝ ගමේ භික්ෂුන් පිරිත් කීම හෝ පරණ රාජපක්ෂවාදීන්පෝළිමේ සමාව ගැනීම හෝ යනු පද්ධති වෙනසක්ද? ඔබ පද්ධතිය කියන්නේ කුමක්ද? ගෝටා ගිය පසු කරන්නේ කුමක්දැයි කාටහෝ විධිමත් යෝජනාවක් ඇත්ද?

ගෝටා ගෝ ගම තුළ දැන් බොහෝ දේ ගොඩනැගෙමින් පවතිනා බවට ජනප්‍රිය ප්‍රචාරක රැල්ළක් බිහිවෙමින් පවතී. තුළපුස්තකාල, ආහාරපාන දන්සැල්, කලා අවකාශ, සම්මන්ත්‍රණ, කූඩාරම් සිට කානිවල් තත්ත්ව දක්වා වර්ධනය වී ඇත. එසේමදෘෂ්ටිවාද ලෙසආදරය, අවිහිංසාව, ජාතික සමගිය, සදාචාරය, එකමුතුකම, මානවවාදය, නිදහසආදී ජනප්‍රිය ප්‍රවණතාදෝරගලමින් ඇත. මේවා දෘෂ්ටිවාද ලෙස සලකුණු කරනු ලැබුවේ මේවාට පදනමක් හෝ ඉතිහාසයක් කිසිසේත්ම සලකුණු කලනොහැකි බැවිනි. ඒවා ඇතැම්විට තවත් දේශපාලන ප්‍රවාහයක් විසින් නිර්මාණය කල, සමපේක්ෂී ප්‍රචාරණ ව්‍යාපෘති විය හැක.

ගාලුමුවදොර ජනප්‍රියවාදයට පිටුපසින් යම් හරයක් හෝ දිගුකාලීන දේශපාලන අරමුණු ක්‍රියාවේ යෙදවේද? සදහා මේ ජනනැගිටීම ඉවහල්වේද? දැනට අපට නිරීක්ෂණය වන්නේ දේශපාලන බහුත්වවාදයකි. නැතහොත් අච්චාරුවකි. අතරේ වම්මුන් මේහරහාම විප්ලවයක් ගැන කතා කරයි. මේ වනතුරු එක් බුබුළකින් අනෙක් බුබුළට කිසිදු අභිමුඛ වීමක් නොවීමම අප තේරුම්ගත යුත්තේ කෙසේද ? ගෝටා ගෝ ගමේදේශපාලනයහැර ඉතුරු සියල්ල වෙමින් පවතින්නේද ?

බූපති නලින් වික්‍රමගේ

Social Sharing
නවතම විශේෂාංග