අවුරුද්දට විශේෂ දුම්රිය නෑ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා කොළඹින් පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන් මෙවර විශේෂ දුම්රිය ධාවනය කළ නොහැකි තත්වයක් උදා වී ඇති බව ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය. නමුක් විශේෂ දුම්රිය දෙකක් පමණක් ධාවනය කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

පෙර වසරවලදී අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය 40 ක් පමණ ධාවනයට යෙදවූයේ විශ්‍රාමික නියාමකයන්ගේ සහය ලබාගෙන බවත් නමුත් මේ වන විට ඔවුන්ට වැටුප් නොගෙවීම හේතුවෙන් ඔවුන් සේවයට නොපැමිණෙන බවත් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Social Sharing
නවතම