ගෝඨාභය යන්නේ නෑ – ජොනී

ගෝ ගෝඨා කිව්වට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

රට පාලනය කිරීමට 69 ලක්ෂයක ජනවරමක් ඔහුට ඇති බවත් තවමත් එම ජනමතය එසේම බවත් පැවසූ ඔහු විරෝධතා දක්වන්නේ සුළු පිරිසක් බව ප්‍රකාශ කරයි.

ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීමට රජයට හැකියාව ඇති බව අද (06) පාර්ලිමේන්තුවේදී ඔහු වැඩිදුරටත් ආවේගශීලිව ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම පුවත්