“You fucked with the wrong generation!”

ඊයෙ නෙළුම් පොකුණ ළඟට, ගෝල්ෆේස් එකට, නිදහස් චතුරශ්‍රෙට ආව ලක්ෂ ගාණක පිරිස එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. ඔක්කොම හිටියෙ කොල්ලො කෙල්ලො. උන් හොඳට කන්න අඳින්න තියන මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ ළමයි. සමහරු ආවෙ වාහනේ ආකේඩ් එකේ පාක් කරලා. වැඩි දෙනා කතා කළේ ඉංග්‍රීසියෙන්. උන් හති වැටුණම කොකාකෝලා බිව්වා. බ්රේක් එකක් ඕන වුණාම සිගරට් බිව්වා. ප්‍රයිවට් කම්පැනිවල වැඩ කරන තරුණයො ඕෆ් වෙලා යන ගමන් ප්‍රොටෙස්ට් එකට එකතු වුණේ. කොල්ලො වගේ ම කෙල්ලොත් ෂෝට ගහගෙන තොප්පි දාගෙන බෝඩ් උස්සගෙන ගිරිය යටින් කෑගහනව මං දැක්කා. උන් සින්දු කිව්වා. සෙල්ෆි ගැහුවා. උන්ගෙ බෝඩ්වල තිබ්බෙ ‘දියව් දියව්’ කියල නෙවෙයි.

‘කපුටු කාක් කාක් කාක්.. බැසිල් බැසිල් බැසිල් බැසිල්’
‘We can’t afford Tinder’
‘Fuck the fucking fuckers before the fucking fuckers fuck you’
‘They fucked up so bad even the introverts are here’

ඊයෙ දකින්න ලැබුණෙ මෙහෙම සටන් පාඨ. ඉතිං මොකෝ? ඒ මේ රටේ තරුණ පිරිස. ඊයෙ ප්‍රොටෙස්ට් එකේ උන් දැකලා ටිපර් වුණ කට්ටිය අද මේකේ ‘අනී අරගලේ දිය වෙලා අනී’ කියල හෑලි ලියනවා පේනවා. මධ්‍යම පන්තියේ උන්ට කන්න අඳින්න තිබුණා කියල උන් මේ ආණ්ඩුවට පක්ෂපාතී වෙන්න ඕන ද? උන්ට මේ අර්බුදය දැනෙන්නෙ නැද්ද? උන්ට ප්‍රශ්න නැද්ද? උන්ගෙ ජීවිතේ සුඛිත මුදිතයි ද? මධ්‍යම පාන්තිකයො ප්‍රොටෙස්ට් කරද්දි අනික් උන්ට රිදෙන්නෙ ඇයි?

විරෝධය පාන්න ඕන මේ මේ මේ විදිහට විතරයි කියල ප්‍රෝටොකෝල් එකක් තියනව ද? මේ තරුණයන්ගෙ විරෝධය විරෝධයක් නෙවෙයි ද? විරෝධතා පවත්වන්න පුළුවන් ආණ්ඩුවෙ කැම්පස්වල ඉන්න කොල්ලො කෙල්ලන්ට විතර ද? මේ ළමයි ඔටුවො ද? ඔය බනින නාකි උන්දැලා දැකල තියන 88,89 ගින්දර ද මුන්ගෙනුත් ඉල්ලන්නෙ? කඩ කඩන්න ද කියන්නෙ? වාහන ගිනි තියන්න ද කියන්නෙ?

එතන නායකත්වයක් නොතිබ්බ බව ඇත්ත. සංවිධානාත්මක බවේ අඩුවක් තිබුණු එක ඇත්ත. අමතක කරන්න එපා, ඒ ළමයි පාරට බැස්ස පළවෙනි වතාව මේක. උන් ආවෙ කාගෙවත් කීමට නෙවෙයි. උන්ව පාරට දක්කගෙන ආවෙ අන්තරේ නෙමෙයි. උන් පාරට ආවෙ තනි තනි ව හිතලා. ඒකයි ඒක සංවිධානාත්මක නැත්තෙ. ඔය ඇඬුණා කිය කිය වැලපෙන අය ඊළඟ පාර උන්ව ගයිඩ් කරන්න.

මේ පල් හෑලි ලියන එවුන්ට අන්තරේ ප්‍රොටෙස්ට් කරද්දි සීරියස් වැඩියි. සාමාන්‍ය මිනිස්සු ප්‍රොටෙස්ට් කරද්දි සීරියස් මදි. ගොං කතා ලියලා තරුණයන්ගෙ මොරාල් එක කඩන්න එපා!

අරගලේ දියාරු කරන්නෙ පාරට බැහැල සින්දු කියපු මිනිස්සු නෙමෙයි.
උන් සින්දු කිව්ව එක වැරදියි කියල හෑලි ලිය ලියා මේකේ වැළලෙන තොපි!

ඇත්ත. You fucked with the wrong generation!

චතුපමා අබේවික්‍රම

Social Sharing
නවතම විශේෂාංග