විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී

ඊයේ පස්වරුවේ මිරිහාන පැඟිරිවත්ත ජනාධිපති නිවස අසල පැවැත් වූ විරෝධතාවයේ සිටි යම් පිරිසක් විසින් කලහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීම නිසා පොලීසිය මේ වන විට 45 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක වාර්තා කරා.

කෙසේ නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම අත් අඩංගුවට ගැනීම් නීතියට පටහැණි බවයි. එනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම පිරිස අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි බව කොමිශන් සභාව වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම මෙම අත් අඩංගුවට ගැනීම් සම්බන්ධව විරෝධය පල කරමින් සහ විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥවරු රැසක් තම සහය පල කර ඇති අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැකගැනීමට ඇත.

Social Sharing
නවතම