ලෝක බොරතෙල් මිළ පහලට

අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ.

ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.48 පහත වැටීමකි.

බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.5 ක් වූ අතර එය පෙරදිනට සාපේක්ෂව සියයට 1.19 පහත වැටීමකි

Social Sharing
නවතම