සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඉල්ලා අස්වෙයි!

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය.

ඒ පිළිබදව විමසීමේදී, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුව තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශර්මිලා රාජපක්ෂ පැවසීය.

කෙසේවෙතත් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස තිලක් ප්‍රේමකාන්ත මහතා පත් කර තිබේ. ආරංචි මාර්ගවලට අනුව ඔහු අද වැඩ භාර ගැනීමට නියමිතයි.

ප්‍රේමකාන්ත මහතා පත්වීමට පෙර අතිරේක වන සංරක්ෂණ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Social Sharing
නවතම