ඊලෝන් මස්ක්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කඩ වෙලා ද ??

ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත.

උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක් පවසා සිටියේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සිය සමාගම නිරීක්ෂණය කිරීම සඳහා අනවශ්‍ය අන්දමේ උත්සහයන් දරමින් සිටින බවයි. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එම නිසා තමන්ගේ භාෂණයට ඇති නිදහස සීමා වන බව පවසා සිටියා. එමෙන්ම ඊලෝන් මස්ක් එරට ජනපති ජෝ බයිඩන් රූකඩයක් බවත් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව බිඳුණු ඒජන්සියක් බවටත් සමාජ මාධ්‍ය වල පළ  කිරීම නිසා ඔහුගේ ට්විටර් ගිණුමට බාධා එල්ල වී ඇති බව සඳහන් කළා.

ඊලෝන් මස්ක්ගේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය බොහෝ දුරට එරට කොටස් වෙළඳපොලට බලපායි. 2018 වසරේ දී ඔහු ට්විටර් ගිණුමේ ටෙස්ලා සමාගම පිළිබඳව දැමූ පෝස්ටුවක් නිසා ආයෝජකයන් නොමඟ යැවූ බවට විනිමය කොමිෂන් සභාව විසින් චෝදනා කර ඇති අතර මස්ක්ගේ ට්විටර් ගිණුම උසාවි නියෝගයක් මත කොමිසමේ දැඩි අධීක්ෂණය යටතට පත්විය.

එයට මුලින් එකඟ වූ ඔහු පසුව කොමිසම නොමඟ යවමින් කටයුතු කර ඇත.  ඒ පිළිබඳව උසාවිය විසින් පරීක්ෂණයක් පවත්වයි.

කෙසේ වෙතත් ඔහු හා සමාගම උසාවි නියෝගයට පිටින් යමින් කටයුතු කළත් මේ වන විට කැලිෆෝනියාවේ සාධාරණ රැකියා සහ නිවාස දෙපාර්තමේන්තුවෙන් පැවරූ  වාර්ගික වෙනස්කම් කිරීමට එරෙහි නඩුවකට මෙන්ම, ජාතික මහා මාර්ග රථ වාහන ආරක්ෂණ පරිපාලනයෙන් පැවරූ  අපරාධ පරීක්ෂණයකට මස්ක් මුහුණ දෙමින් සිටියි.

 

 

Social Sharing
නවතම විදෙස්