මියන්මාර හමුදාව විසින් සිඳුකරන ලඳ ඇතැම් ක්‍රියා යුද අපරාධ වලට සමාන බව මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක් පවසයි.
එනම් මියන්මාර හමුඳාව විසින් සිවිල් වැසියන් පැහැරගෙන යාම හා නිවාස, පල්ලි වලට පහර දී සමූල ඝාතන සිඳු කළ බවට එරට වාර්තාවක දක්වා ඇත. මියන්මාරය විසින් ආරම්භ කරන ලඳ මානව හිමිකම් කණ්ඩායමක් වන Forty Rights විසින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත. එහිදී ඔවුන් පසුගිය වසරේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි වූ කණ්ඩායම් සහ හමුදාව අතර තීව්‍ර සටන් ඇති වූ කැරන්නි ප්‍රාන්තය ඇසුරින් මෙම වාර්තාව සකසා ඇත.
කැරන්නි ප්‍රාන්තයේ මියන්මාර හමුදාවට ප්‍රබල ප්‍රතිරෝදයකට මුහුණ දීමට සිදුවූ අතර ඔවුන් එය මර්ධනය කිරීමට මිලේච්ඡ ප්‍රචණ්ඩ ප්‍රතිචාර දක්වා ඇත. ඒ පිළිබඳව මියන්මාරයේ වෙනත් ප්‍රාන්ත වලින් ද කරුණු අනාවරණය වී ඇත.
කැරන්නි සහ ෂාන් ප්‍රාන්ත අතර ඇති මෝ බෝයි නගරයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක් වූ 18 වයසැති ශිෂ්‍යයෙක් පැවසුවේ තම මාමාව 2021 වසරේ ජූනි මස මියන්මාර හමුඳාව රැගෙන ගොස් යුද්ධයේ දී මිනිස් පළිහක් ලෙස භාවිතා කෙරූ බවයි. එමෙන්ම තමාව ද පැහැරගෙන ගොස් අත් බැඳ දෑස් බැඳ වධ දුන් බව ඔහු පවසා ඇත.
තවත් පුද්ගලයෙකු සම්මුඛ සාකච්ඡාවට එකතු වී සඳහන් කර ඇත්තේ තමා ඇතුලු 09 දෙනෙකු හමුඳාව විසින් පැහැරගෙන ගොස් යුද උපකරණ රැගෙන යාමට බල කෙරූ බවයි.
එමෙන්ම මියන්මාර හමුඳාව මෝසෝ ගම්මනය අසල තිබූ වැඩසටහනක දී කුඩා දරුවෙකු ඇතුලු සිවිල් වැසියන් 40 දෙනෙකු මරා පුළුස්සා දමා ඇත. මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර සංවිධාන රැසක් තම කනස්සල්ල පළ කර තිබුණි.
ඇස්තමේන්තුගත වාර්තා අනුව මියන්මාරය මිලිටරි පාලනයට නතු වූ පසු එරට ජනගහනයෙන් අඩකට වඩා සිවිල් වසියන් අවතැන් වී ඇත. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව 91,9000ක් තම නිවෙස් වලින් පළා ගොස් ඇත.
කෙසේ වෙතත් කැරන්නි මානව හිමිකම් සංවිධානයේ සභාපති පැවසුවේ මියන්මාරය තුළ ප්‍රචණ්ඩත්වය තව දුරටත් වැඩි වීම නිසා ඉඳිරි මාස කිහිපය තුළ එරට වැසියන්ට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවන බවත් සහ තමන් ඒ පිළිබඳව බියෙන් සිටින බවත්ය.
තවද Forty Rights මානව හිමිකම් කණ්ඩායම පවසන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මියන්මාරය පිළිබඳව කනස්සල්ල පළ කළ නමුත් ඔවුන් බලපෑම් සහගත ක්‍රියාමාර්ගයක් නොගත් බවයි. එමෙන්ම ආසියානු ජාතීන්ගේ සංගමය ද එරට ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට අපොහොසත් වී ඇති බවයි.
Forty Rights හි කලාපීය අධ්‍යක්ෂක ඉස්මයිල් වුල්ෆ් පවසන්නේ මියන්මාර මිලිටරි ජුන්ටාව ගෝලීය ලෙස සපයාගත් ආයුධ වලින් මිනිසුන් ඝාතනය කරන නිසා එය නැවත්වීමට එක්සත් ජාතීන්ගේ සංගමය විසින් එරටට ගෝලීය අවි සම්බාධක වහාම පැනවිය යුතු බවයි. ඒ ක්‍රියාමාර්ගය සඳහා ආසියානුවන් සහය දැක්විය යුතු බවත්ය.
-හේෂානි කරුණාරත්න-