ෂෙහාන් මාලක ලයිව් ආවේ නැතිනම් ඔහුට කුමක් වෙයිද?

ෂෙහාන් මාලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් පැමිණියේ නැති නම් ඔහුට වන දේ සිතා ගැනීමටවත් නොහැකි බව කාදිනල් හිමිපාණන් කියා සිටිති.

පසුගිය 14 දා ෂෙහාන් මාලක තරුණයා සුදු වෑන් රථයක් පැමිණ පැහැරගත් බවත් මෙය කුමන වර්ගයේ අත්අඩංගුවට ගැනීමක් දැයි ප්‍රශ්න කරමින් කාදිනල් හිමි‍යන් ප්‍රකාශ කළේ පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරගන්නට බැරි නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා හඬ නඟන මෙවැනි තරුණයන් අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවය.

අද (15) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමෙන්තුවට තදින්ම දෝෂාරෝපනය කළ කාදිනල් හිමිපානන් නීතිපතිවරයෙක්, පොලිස්පතිවරයෙක් සිටින්නේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සහ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට බවද ප්‍රකාශ කළෝය. එහි දී උන්නාන්සේ මෙම පුද්ගලයන්ගේ රාජකාරිය දේශපාලකයින්ගේ උවමනාවන් ඉටු කිරීමට නොවන බව අවධාරනය කළෝය.

පසුගිය 14 දා සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් ෂෙහාන් මාලක පැහැර ගත් අතර පසුව අනාවරණය වුණේ එය පැහැරගැනීමක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිී උපදෙස් මත කළ අත්අඩංගුවට ගැනීමක් බවය. ඉන්පසුව 15 දා ෂෙහාන් මාලක මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර අධිකරණය ඔහුට ඇප ලබා දුන්නේය.

වීඩියෝව පහතින්…👇

 

Social Sharing
නවතම