කබ්‍රාල්, රට ගොනාට අන්දන්න එපා ! – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා පැවසීය.

‘නිවාඩ් කබ්රාල් අධිපතිවරයාගෙන් අපි අහනවා, මොනවද මේ කතා කරන්නේ? මේ පත්තරේ එක තැනක තියනවා අපිට ඩොලර් හිඟයක් නෑ කියල. අනිත් තැන තියනවා, බෙහෙත් ගේන්න ඩොලර් නෑ කියල. කාවද මේ අන්දන්න හදන්නේ? මේ ඇන්දිල්ලේ සීමාවක් තියෙන්න අවශ්‍යයි. තමන්ගේ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අන්දල, ප්‍රධාන විධායක නිළධාරියා විදිහට ඒ ආයතනය බංකොලොත් කරාට අපිට ප්‍රශ්නයක් නෑ. නමුත්, මේ අන්දන්න හදන්නේ රටක මහජනතාව. මහජනතාව අන්දල බංකොලොත් කරන්න යන්නේ මේ රට. ඒකට ඉඩ දෙන්න බෑ’ යැයි ප්‍රකාශ කරන ඒ මහතා ‘අපි නැවතත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා, මේ එක එක වන්දි භට්ටයෝ කියන ඒවා අහන්න එපා, ස්වාධීන ආර්ථික විශේෂඥයින්ගෙන් අහලා මේ ප්‍රශ්න විසඳන්න’ යැයි ප්‍රකාශ කර ඇත.

පෙබරවාරි 09 වනදාට සහ පෙබරවාරි 17 වනදාට ශ්‍රී ලංකා මහ බැංකුවට ඩොලර් මිලියන 250 ක පමණ ණය ගෙවීමට තිබෙන බවත් 2022 ජනවාරි මාසය අවසන් වනවිට මහ බැංකුව සතුව සැබෑ ලෙස තිබෙන්නේ ඩොලර් මිලියන 700 ක පමණ විදේශ සංචිතයක් පමණක් බවත් ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

Social Sharing
නවතම පුවත්