වතුර බීලත් හමාරයි…

වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩුකරණය හමුවේ ජීවන වියදම රොකට්ටුවක වේගයෙන් අහසට නඟිමින් තිබෙන අතර එහිම දිගුවක් ලෙස ජල බෝතල් සඳහා පනවා තිබුණ උපරීම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග පානීය ජල බෝතල්වල මිල ඉහළ ගොස් ඇත.

ශ්‍රී ලංකා ජල බෝතල් සංගමය ප්‍රකාශයට පත්කර තිබෙන නව මිල ගණන් අනුව රුපියල් 35ක් ව පැවති මිලි ලීටර් 500 පානීය ජල බෝතලය දැන් රුපියල් 50කි.  රුපියල් 50ක් ව පැවති ලීටර් 1 පානීය ජල බෝතලය රුපියල් 70ක් ද, රුපියල් 75ක් වූ  ලීටර් 1.5 ජල බෝතලයක දැන් මිල රුපියල් 90ක් වන අතර ලීටර් 5 ජල බෝතලයක මිල රුපියල් 200 දක්වාත් ලීටර් 7.5 ජල බෝතලයක මිල රුපියල් 240ක් මේ අනුව මිල ඉහළ දමා ඇත.

Social Sharing
නවතම