බේකරිය, කලා කෘතියක්

-කේ. සංජීව-

බේකරිය කියපු ගමන් මතකයට එන්නේ පාන් බනිස් කේක් වගේ දේවල්. හැබැයි අපි මේ කතා කරන්න යන පන්නිපිටියේ මහල්වරාවේ බේකරිය කීවම මතක් වෙන්නේ වෙසක් කූඩුවක්. ඊළඟට මියුසික්. ලංකාවට වෙනස්ම සංගීතයක්, වෙනස්ම සවුන්ඩ් එකක් හඳුන්වලා දුන්න තැනක් තමයි බේකරිය. ඝෝෂා නමින් ආපු ගීතදේවගේ මියුසික් මුලින්ම ඇහුනේ බේකරියෙන්. ඩවුන්ටවුන් ප්ල්ස් කියලා කියන්නේ බේකරියේ කලර් එක. විකල්ප සංගීතය කියලා රොක් අජිත් ( අජිත් කුමාරසිරි) විතරක් දැනගෙන හිටපු කොළඹ හිපියන්ට (අගෞරවයෙන් නොව ආදරයෙන්) චින්තක ගීතදේව, සුදත්ත මාදව, ඉසුරු කුමාරසිංහ, වගේ නෙක පාට විසල් සංගීත ලෝකයක් ඕපන් කළේ බේකරිය කීවොත් ඒක තමයි ඇත්ත. එහෙම මියුසික්වලින් වෙනස්ම කලාවක් කරන්න පටන් ගත්ත බේකරිය හැම අවුරුද්දකම අලුත් වෙමින් වේදිකාව සිනමාව චිත්‍රය වගේ අනෙකුත් කලාවනුත් බූවල්ලෙක් වගේ අල්ලගනිමින් මේ වෙනකොට දිග ගමනක් ඇවිත් තියෙනවා. කලාවෙන් තමයි මිනිස්සුන්ගෙ ඔලුගෙඩි හොඳටම වෙනස් කරන්න පුලුවන් කියන එක විශ්වාස කරන බොහෝ පිරිසක් බේකරිය අස්සේ ඉඳලා විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා. ඉතිං මේ පෙබරවාරිය කියන්නේ බේකරිය අවකාශය අලුත් වෙන මාසෙට. මේ මාසෙන් පස්සේ බේකරිය අවකාශය කලාගාරයක් විදිහට පවතීවි. ඔව් කලාව සඳහාම වෙන්වුණ ‘කලා කෘතියක්’ වේවි. ඉතිං මේ මාසයේ වෙන වැඩ ගැන කතාකරන්න මමත් බේකරිය අවකාශය අස්සේ පොඩි රවුමක් ගැහුවා.

බේකරිය අවකාශයේ ස්තාපිත වේදිකාවේ හිසට සෙවනක් සලසමින් පිරිසක් යුහුසුලුවෙන් වැඩ. තවත් පිරිසක් වළං වැඩක්. වළංවලින් වැසෙන සිවිලිම වෙනස් හැඩයක් බේකරියට ගෙන එමින් ඉන්නවා. තවත් තැනක රිහර්සල් යමින් තිබෙන වේදිකා නාට්‍යයක්. තවත් තැනෙක සර්පයා (කේ කේ) සමග සල්ලාපයෙ වැටිලා ඉන්න තරුණයෝ පිරිසක්. මේක තමයි බේකරිය. මුලින්ම කතා කළ යුත්තේ කවුද? ඔහු තමයි ජනිත් වීරසිංහ.

ගැබක

මේ පෙබරවාරි 04 බේකරියේ දියත්වෙන කලා කාර්‍ය නැත්තං කලා වැඩ කන්ද නම් වෙන්නේ ‘ගැබක’ කියලා. මුලින්ම හිතුවා මේක ගැන ජනිත් ගෙන් අහන්න. ඊට කළින් ජනිත්ගේ කලා ඉතිහාසය පොඩ්ඩක් අවුස්සන්න හිතුවා.

chinthaka-geethadeva-bekariya-sinhala-short-story-books

‘ මම 2012 තමයි උසස් පෙළ කළේ. ගම්පහ බණ්ඩාරනායකයේ. ඒත් එක්කම තමයි ඩවුන් ටවුන් ගැන අහන්න ලැබෙන්නේ. ඊටපස්සේ චින්තක ගීතදේවගේ අජිත් කුමාරසිරිගේ මියුසික්වලට ආසා වෙලා ඒවා අහන්න සොයාගෙන යන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි බේකරිය අවකාශය හමුවීම. ඒ දවස්වල ඩවුන් ටවුන් ප්ලස් හරහා බේකරිය හමුවීම මට ආශ්චර්‍යක් වුණා. 2014 මම ශ්‍රීපාලියට තේරුණා. ෆිල්ම් තමයි මගේ විෂය. ඒ එක්කම 2016 ඩවුන් ටවුන් ප්ලස් එකත් එක්කම බේකරියට චින්තක ගීතදේව එක්ක සෙට් වෙනවා. ඒ සෙට් වීම එක්ක තමයි ඉස්කෝලේ කාලේ ආසාවෙන් කරපු චිත්‍රයට ආයෙත් බහින්නේ. 2019 ඩවුන් ටවුන් එනවා, ආබාධිත වෙනවා ඒ එක්කම ප්‍රේමයත් නැතිවෙනවා. ඔහොම ලොස්ටෙකේ ඉන්නකොට තමයි පාස්කු ප්‍රහාරය සිද්ධවෙන්නේ. ඒ දවසේ මම ඇඳපු චිත්‍රයකුත් තියෙනවා. ඒ හුඳකලාව අස්සේ තමයි ‘ගැබක’ කියන කන්සෙප්ට් එක ඔලුවට එන්නේ. ඊටපස්සේ ඉතිං දිගටම ඇන්ඳා. අවුරුදු 3ක් තුනහමාරක් ඇන්ඳා’.

ගැබක කියලා කියන්නේ බේකරිය අවකාශය කලාගාරයක් බවට හැරීමේ කතාවේ එක පැත්තක්. බේකරියේ කුටීර බිත්ති ජනිත්ගේ පාට සහ හැඩතල රේඛාවලින් හැඩි වෙලා. ගැබක කතාව තමයි බිත්ති කතාකරන්නේ.

‘මට ඕනෑ වුණේ මේ ජීවිතය කොටස් කිහිපයකට කඩාගෙන ඒක මේ බේකරිය අවකාශයේ රඳවන්න. මේ පටන් ගන්න තැන තමයි ගර්භාෂය. උපත. ඊළඟට පිටත ලෝකය, ජලය,  ඊළඟට ළමා කාලය, මේ කුටීරයට තමයි පුස්තකාලය එන්නේ. මේ බිත්ති ගොඩක් ඇන්ඳේ ළමයි. මම ඒවා දැන් නැවත අඳිමින් ඉන්නවා. එතකොට එතන වර්ණ හැඩතල වෙනස්. ඊළඟට සමාජය, වේදිකාව ආශ්‍රිත පරිසරය තමයි ඒකට වෙන් වෙන්නේ. ඇතුලාන්තය සහ මරණය කියලා කොටස් හයකින් මේ අවකාශය වර්ණ ගැන්වෙනවා. සමහර බිත්තිවල චිත්‍ර එල්ලනවා. කැන්වස් එකේ ඇඳපුවා පේපර් වර්ක්ස් ඒ අස්සේ තියෙනවා. මට ඕනෑ වුණේ කලාගාරයක් කීවාම තියෙන සුදු බිත්තිය වෙනස් කරන්න. වෙනස් ආකෘතියක කලාගාරයක් නැත්තං සජීවී මහජන අවකාශයක් නිර්මානය කරන්න.’

බේකරිය කලා කෘතියක්

ගර්භාෂ කුටීරයේ බිත්ති සිතුවම් සහ ඒ සිතුවම් අස්සේ දියවෙලා තියෙන පාට දිහා බැලුවාම මට අපේ පන්සල් චිත්‍රය මතක් වුණා. මස, මාංශය, රත් පැහැ කතාවක් ඒක. මෙහෙම චිත්‍රයෙන් හැඩිවෙන බේකරිය පෙබරවාරියෙන් පස්සේ සජීවී මිනිස් අවකාශය කියන තැනින් එහාට ගිහිං කලාගාරයක් වෙනවා. මටනම් හිතෙන්නේ බේකරිය කියන්නෙම කලා කෘතියක්.  මේ කලා කෘතිය අස්සට ඔබ ආවොත් ඔබට සිනමාව, සංගීතය, චිත්‍රය, වේදිකාව, වීඩියෝ ආර්ට්, මේ හැම දෙයක්ම මුණගැහෙනවා. ඔබ මෙහි දියවුණොත් ඔබගේ ජීවිතයම වෙනස් වේවි.

viraj liyanaarachchi-bekariya-sinhala-short-story-booksviraj liyanaarachchi-bekariya-sinhala-short-story-booksviraj liyanaarachchi-bekariya-sinhala-short-story-books

‘මට ඕනෑ චිත්‍ර ජීවමාන කරන්න. මම මෙහෙම ඇඳගෙන යනකොට මෙතනට කස්ටිය එනවා. ඔවුන් එක එක දේවල් යෝජනා කරනවා. ඇගිලි ගහනවා. ඒක අස්සේ තමයි මේක වැඩෙන්නේ. හැඩි වෙනවා ඉතිං.. මම අතුගානවා ආයෙත් හැඩි වෙනවා. මම දැන් මෙහෙම මේක ගැන කතාකරන්නේ තවමත් මේ වැඩේ මගේ අතින් සිද්ධවෙන නිසා. මේක ඇඳලා ඉවරවුණාට පස්සේ මම මේගැන කතාකරන එකක් නෑ’ ගැබක කියලා කියන්නේ ජනිත්ගේ ආවේශය. ආවේශයෙන් චිත්‍ර අඳින චිත්‍ර කාරයෝ සුලභ නැහැ. ඉතිං ජනිත්ගේ ගැබක බලන්න කියවන්න රසවිඳින්න ඇහැක් පෙබරවාරියේ බේකරියට ආවොත්.

බේකරියේ රජ්ජුරුවෝ

විරාජ් ලියන ආරච්චි
විරාජ් ලියන ආරච්චි

බේකරියට ඇවිත් රාජා නැත්තං විරාජ් ලියනආරච්චි එක්ක කයියක් නොගැහුවොත් කිම් කීවා ලු. විරාජ් තමයි මේ සියලු දේවල් පිටුපස ඉන්න විසල් චරිතය. බේකරිය අවකාශය මෙහෙම ඇදගෙන යන්නේ රාජාගේ නැත්තං විරාජ්ගේ ශක්තිය නිසා කීවොත් අනෙක් මිත්‍රයෝ තරහා වෙන එකක් නෑ. ඉතිං පෙබරවාරිය ගැන විරාජ් එක්කත් පොඩි කයියක් ගැහුවා.

‘මේ කොවිඩ් අවුරුදු දෙක අස්සේ අපි නැවතත් අපි ගැන කල්පනා කළා. අපිට හැමදාම තිබුණේ ආර්ට් කරන්න තැනක් හදාගැනීමේ සිහිනයක්. ඉතිං ඒනිසාම බේකරිය ටිකක් විදිමත් ක්‍රමයක් අස්සේ ස්ථාපනය කරන්න අපි කල්පනා කළා. අධ්‍යාපනික පැත්තට ටිකක් වැඩිපුර බර තියලා මේ වැඩේ කරන්න අපි කල්පනා කළා. ගැබක කියලා පටන් ගන්නේ ඒක. අවුරුදු 3 1/2ක විතර මහංසියක් තමයි ‘ගැබක’ කියලා කියන්නේ.’

එළිය අවුල් ප්‍රශ්න.. උබලා බේකරිය කියලා සුරක්ෂිත ගුහාවක් හදාගත්තා ජීවත් වෙන්න.. මම පොඩි ප්‍රශ්නයක් වීසි කළා.

‘හිපී ව්‍යාපාරය ගනින් මචං ඒකටත්  මුලින්ම කීවේ ඕක තමයි. ඔව් මුලින්ම ගුහාවක් වගේ පෙනෙයි. හැබැයි කාලයත් එක්ක අපේ සංවාද මැදිහත්වීම් ගැන එළියේ සංවාදයක් හැදෙයි. බේකරියේ අවුරුදු 15ක විතර ඉතිහාසය අස්සේ අපි උත්සාහ කළේ කලා අවකාශයක් හදාගන්නවාට අමතරව වඩා ප්‍රගමනීය කලාවක්, වින්දනීය කලාවක් අපි ඇතුලෙන්ම කරන්නේ කොහොමද කියන එක අභ්‍යාස කරන්න. ඒ අභ්‍යාසයේ එක නවාතැනක් තමයි ‘ගැබක’ කියලා කියන්නේ.

viraj liyanaarachchi-bekariya-sinhala-short-story-booksviraj liyanaarachchi-bekariya-sinhala-short-story-booksviraj liyanaarachchi-bekariya-sinhala-short-story-books

මේ පෙබරවාරියෙන් පස්සේ චිත්‍ර බලන්න කියවන්න විතරක් නෙවෙයි මිලදී ගන්නත් බේකරිය අවකාශයට ගියොත් ඇහැකියි. ඒ විතරක් නෙවෙයි නාට්‍ය රිහර්සල් කරන්න නාට්‍ය පෙන්වන්න, ඒ විතරක් නෙවෙයි කලාව ගැන බරට කියවන්න හොඳ පුස්තකාලයක්, මේ හැමදෙයක්ම තියෙන වඩා විදිමත් අවකාශයක් විදිහට බේකරිය මේ පෙබරවාරියෙන් පස්සේ හුස්ම ගනීවි. ඉතිං මේ පෙබරවාරි මාසයම කලාවැඩ පොදියක් ලෑස්තිකරගෙන බේකරිය බලන් ඉන්නවා. ඔබටත් පන්නිපිටිය මහල්වරාව බේකරියට ආවොත් කලා කෘතියක් අස්සේ දියවෙලා යන්න පුලුවන්.

ගැබක

හිස්කමක අවකාශය

විස්ථාපන කලා අවකාශය සහ බේකරියේ අවකාශය විවෘත කිරීම

පෙබරවාරි 04 සිට පෙබරවාරි 27

බේකරිය කට්ටිය

 

04th February

10.00am

ගැබක විස්ථාපන කලා අවකාශය විවෘත කිරීම

 

4.00pm

Performance by Ogha Collective

Pinocchio Politics

 

5.00pm

Welcome Speech by Viraj Liyanarachchi

 

අදහස් දැක්වීම

දීප්ති කුමාර ගුණරත්න

 

අදහස් දැක්වීම

චින්තන ධර්මදාස

 

6.30pm – 7.00pm

contemporary dance performance

දහම් අනුරාධ දිසානායක

ශශික මදුශාන් හපුආරච්චි

භාග්‍යා ලක්ෂා විරාජනී

යූ.ඒ. නිපුන ධනංජය

ඩබ්.එම්. තිලින සදුන් කුමාර

 

7.00pm – 7.30pm

හොරැ අරගෙන ගිහිල්ලා

Direct by Mangala Senanayake

 

8.00pm – 10.00pm

Music Performance by Happy Journey

 

05th February

10.00am – 6.00pm Lakni Kumarasiri Performance Video (Clean My Body)

 

4.00pm

Body as a language (දේහය භාෂාවක් ලෙස…)

බන්ධු මනම්පේරි

 

7.00pm – 7.30

Play VICTOR

Direct by Asanka Sayakkara

 

8.30pm – 10.30pm

TITANE (2021)By Julia Ducoumau

In Conversation With Vimukthi Jayasundara

 

 

11th February

5.00pm

Performance Art

By Dureksha Gayani

 

6.30pm – 8.30pm

N.O.A.S arrives in DarkSide

ශාක්‍ය වීරසිංහ සහ කසුන් නවරත්න

 

9.00pm – 11.00pm

Breaking Musics

 

Ajith Kumarasiri

Namini Panchala

Madhawa Hewawasam

 

12th February

Performance Art or Contemporary Art

 

5.00pm

අභිවාහ්‍ය කලාවේ ත්‍රස්තවාදි කමටහන

K.K. සමන් කුමාර

 

6.00pm

Play සිහින නගරය

Direct by Sumudu Mahanama

 

9.00pm -11.00pm

Le Quattro Volte – FOUR TIMES (2010)By Michelangelo Frammartino

Discussion With M. D. Mahindapala

 

18th February

3.00pm

Performance Art By

තිළිණ සම්පත්

Please Touch You

 

6.30pm – 7.30pm

විරාන් සුසිර

7.30pm – 9.00pm

Whirlwind

9.00pm – 10.30pm

ඝෝෂා

 

19th February

Contemporary Art

MOVMENT OF THE SPACE

Collection of Contemporary Performance

 

Collaboration

ජයම්පති ගුරැගේ

දහම් අනුරාධ දිසානායක

ශෂික මධුෂාන් හපුආරච්ච්

භාග්‍යා ලක්ෂා විරාජනී

සුමුදු ව්කසිත මානෙල්අංග

සෙව්වන්දි දර්ශිකා ගමගේ

චතු ශ්‍රි විජයනාරායන

වත්සලා රත්නායක

 

4.00pm

ශ්‍රි ලංකාවේ චිත්‍රකලා ඉතිහාසය

ප්‍රසන්න රණබාහු

සුජිත් අක්කරවත්ත

ගතික සහිරැ

 

6.00pm

Book Launche

අතන මෙතැන එතැන කථා

Short Story by Viraj Liyanarachchi

 

7.00pm

Play “HAHAHA”

Direct by Nadeeka Bandara

 

9.00pm – 11.00pm

The Tree of Life (2011) By Terrence Malick

Discussion With Prageeth Aluthwaththa

 

25th February

5.00pm

Performance By

Nayadara Thirimanna

 

25th February

7.00pm 8.30pm

ජින්නා ශ්‍රි ලංකා

9.00pm – 10.30pm

Skitzo Sl

 

26th Saturday

3.00pm – 5.00pm

සුජිත් රත්නායක

පෙරටුගාමි දෘශ්‍ය කලාව

 

5.00pm – 6.00pm

භුපති නලීන්

සමකාලීන කලාවේ Artvertising

 

6.00pm

Performance Art

By Naleefa Saleen

 

6.30pm 7.30pm

ඩ්‍රාමා Magazine launche (10 වන කලාපය)

 

8.00pm

Play “මිසිනෝනා”

Direct by Wimukthi Badhugoda

 

9.00pm – 11.00pm

Where the wild things are (2009) By Spike Jonze

Discussion With Tinaz Amit

Social Sharing
අවකාශය විශේෂාංග