අපිට ඩොලර් කඳු ගහන්න පුලුවන් – ආචාර්‍ය හර්ෂ ද සිල්වා

ආර්ථික නිදහස සහ සමාජ සාධාරණත්වය මත පදනම්ව ආර්ථිකය හසුරවමින් විදෙස් සංචිත විශාල වශයෙන් ගොඩනඟා ගන්නට සමගි ජන බලවේගය සතුව දියුණු ආර්ථික වැඩපිළිවෙලක් ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ මැයෙන් සජබ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති කාලයට ගැලපෙන අයුරින් සකස්විය යුතු බවය. රටේ පොදු ජනතාවට සෙත සැලසෙන ලෝකය සමග ගමන් කරන ආර්ථික ප්‍රතිපත්තියක් තම පක්ෂය සතු බවද එම වැඩපිළිවෙලට අනුව වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් මගින් රට ගොඩනැගීමට සැලසුම් ඇති බවද ප්‍රකාශ කරන ඒ මහතා රටේ නිශ්පාදනය ඉහළ නැන්වීම සඳහා මෙන්ම ගමේ තරුණ තරුණියන් සඳහා ගමේ සිට ඩොලර් ඉපැයිමේ ආර්ථික නවෝත්පාදක සැළසුම් එහි ඇති බව ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම