“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!

මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි.

‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන සිරස යටතේ පසුගිය ජනවාරි 02 දා පළ කර ඇති මෙම ලිපිය තුළ ඔවුන් මෙම තත්ත්වය පිළිබඳව විග්‍රහයක් සහ විශ්ලේෂනයක් ඉදිරිපත් කර ඇත. එහිදී එම වෙබ් අඩවිය ප්‍රකාශ කරන්නේ උද්ධමනය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ යාම නිසා ආහාර මිල විශාල වශයෙන් ඉහළට යෑම, රාජ්‍ය ආදායම පහළට ගමන් කිරීම අසීමිතව මුදල් අච්චු ගැසීම වැනි තත්ත්වයන් නිසා 2022 දී රට බංකොලොත් විය හැකි බවය.

ලෝක බැංකුව ඇස්තමේන්තු උපුටා දක්වමින් එහි සඳහන් කරන්නේ වසංගත තත්ත්වය ආරම්භයේ සිට ලක්ෂ 5ක පමණ ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී ඇති බවය.  ශ්‍රී ලංකාවට ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවීම සඳහා සහ දේශීය හා විදේශීය ණය ඩොලර් බිලියන 7.3 ක් ආපසු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වනු ඇති බවත් එහෙත් මේවනවිට පවතින විදේශ මුදල් සංචිත ඩොලර් බිලියන 1.6 ක් පමණක් බව එහි සඳහන්. මෙවැනි තත්ත්වයක් තුළ රට බංකොළොත් වීමේ අනතුරක පවතින බවත් එම ලිපිය තුළ සඳහන්.

ලිපිය කියවීමට : https://www.theguardian.com/world/2022/jan/02/covid-crisis-sri-lanka-bankruptcy-poverty-pandemic-food-prices

Social Sharing
නවතම