රට තුළ උද්ගත ආර්ථික අර්බූදය සහ බලධාරීන් ගේ ඇස්කන් වසාගෙන සිටීමේ ක්‍රියාවලිය නිසා මෙම මස මැද කාලය වනවිට රටතුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි.
ලංවීම සතු ජනන සැළසුම් ක්‍රියාත්මක නොකිරීම සහ උද්ගත ආර්ථික අර්බූදය නිසා ඉන්ධන ආනයනයට බාධාවන් පැමිණීම මෙම විදුලි අර්බූදයට හේතුව විය හැකි බව ප්‍රකාශ කරන විදුලි ඉංජිනේරු සංගමය මෙම තත්ත්වය නිසා ජනවාරි මැද වෙනවිට විදුලිය දෙනිකව කපාදැමීමට සිදුවනු ඇතැයි ප්‍රකාශ කරයි.