යොහානිට රජයෙන් කෝටි 4ක ඉඩමක්!

කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ගායිකා යොහානි ද සිල්වා හට රුපියල් කෝටි 4ක වටිනාකමින් යුතු ඉඩම් කට්ටියක් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් හිමිව ඇත.

1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන් ඉඩම් කැබලිවලට ආසන්නව ලබාදී ඇති මෙම බිම් කොටසේ පර්චසයක දැන් වෙළඳ වටිනාකම ලක්ෂ 40කට වැඩි බව ද ඒ අනුව මෙම ඉඩම් කැබැල්ල තුළ පර්චස් 9.68ක් ඇති බවද මේ පිළිබඳව පුවතක් පළකරන ‘අනිද්දා’ ඉරිදා පුවත්පත ප්‍රකාශ කරයි.

රටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීම මෙම ඉඩම ලබාදීමට හේතුව බව දෙසැ: 20 දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙම කැබිනට් යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරමින් පවසා ඇත. එහිදී එම යෝජනාව අනුමත වී ඇත.

Social Sharing
නවතම