සත්ව ආහාරත් නෑ…. කුකුළු ෆාම් හාංසියි..!

රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති.

මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස් කිලෝවක මිල රුපියල් හත්සියයේ සීමාවට ළඟාවී ඇති අතර නැවුම් කුකුල් මස්වල මිල ගණන් රුපියල් අටසියයේ සීමාවට ළඟාවී ඇත. ඉදිරියේදී මෙම මිල ගණන් රුපියල් දහසේ සීමාව පසු කරනු ඇත.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොළේ බිත්තරයක මිල රුපියල් 27ක් පමණ වෙනතුරු ඉහළ ගොස් ඇති අතර මෙම තත්ත්වය දිගට පැවතුනහොත් බිත්තරයක මිලද රුපියල් 50ක් පමණ වෙනු ඇතැයි ප්‍රකාශ වේ.

Social Sharing
නවතම