ඇමරිකාවේ සිට පැමිණෙන්න නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තුව පටන් ගන්නට ප්‍රථම අගමැති ධුරයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ සමග කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි.
මීළඟ කැබිනට් සංශෝධනයේදී ශෂේන්ද්‍ර රාජපක්ෂ, මහින්දා නන්ද අලුත්ගමගේ, වැනි අයට ප්‍රබල අමාත්‍යාංශ හිමිවනු ඇති බවත් වාර්තා වේ.
මෙම නව කැබිනට් මණ්ඩලය තුළ විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, වාසුදේව නානායක්කාර වැනි අයට අමාත්‍ය ධුර අහිමිවෙනු ඇති බවත් ඔවුන්ට රාජ්‍ය අමාත්‍ය ධුර පමණක් හිමිවෙනු ඇති බවත් වාර්තා වෙයි.