මෝඩ රාජපක්ෂලා, රට කඩා වැටෙනකම් IMF යන්නේ නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් වර්තමාන ආර්ථික අර්බූදයට විසඳුමක් සොයාගත යුතු උවත් ආණ්ඩුවේ ලොක්කන් රට කඩාගෙන වැටෙනකම් IMF වෙත නොයන බවක් පෙනෙන්නට තිබෙන බව ශ්‍රීලනීපයේ ජේෂ්ඨයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය හෝ වෙළඳපොළ හැසිරෙන්නේ දේශීය චින්තනයට අනුව නොවන බවත් වෙළඳපොළ හැසිරෙන්නේ වෙළඳපොළ චින්තනයට අනුව බවත් ප්‍රකාශ කරන ඒ මහතා වර්තමාන ජනාධිපතිවරයාට හෝ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එය නොතේරෙන බවත් ඒ නොතේරීම නිසා රට කඩාගෙන වැටෙනු ඇතැයි ද ප්‍රකාශ කරයි.

මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතගොස් ණය කළමනාකරණය කරගත යුතු බවත්, විදෙස් විනිමය අර්බූදය විසඳාගැනීම සඳහා හදිස්සි ණයක් ගත යුතු බවත්, එම ණය දීම සඳහා යම් යම් සමාජ ආර්ථික ප්‍රථිසංස්කරණ යෝජනා එම ආයතනය යෝජනා කරන්නේ නම් ඒවා පිළිබඳව ආණ්ඩුව සළකා බැලිය යුතු බවත්, ප්‍රකාශ කරන ඒ මහතා   මේ මොහොතේ එය තේරුණ් නොගෙන කටයුතු කිරීම විශාල ව්‍යසනයකට අතවැනීමක් බව කියා සිටී.

මීට පෙර අවස්ථාවදී IMF වෙත ගොස් ණය ලබාගන්නට උනන්දු වූ අජිත් නිවාඩ් කබ්‍රාල් මෙවර ඒ සඳහා පස්ස ගහන්නේ රාජපක්ෂවරු නිසා යැයිද සැක බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම