කොරේ පිටට මරේ විදුලියත් කැපේ!

ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් පිපිරීම් වැනි අකරතැබ්බ අතර අද දිනයේ දී ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම බිඳවැටිය හැකිබව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ටර්බයිනයක ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් මෙලෙස 22 දා විදුලිය විසන්ධි කිරීමක් සිදුවිය හැකි බව පවසන විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එය යථා තත්ත්වයට පත්කර මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවය.

තත්ත්වය මෙසේ තිබියදී දිවයිනේ ප්‍රදේශ බොහෝමයක ජනතාව ආණ්ඩුවට චෝදනා කරන්නේ රජය දැනටමත් යම් යම් ප්‍රදේශවල විදුලිය සිඳලීම් කිසිඳු පූර්ව දැනුන් දීමකින් තොරව සිදුකරන බවය.

පසුගිය දෙසැම්බර් මාසයේ ප්‍රධාන විදුලි බිඳවැටීම් කිහිපයක් වාර්තා වූ අතර විදුලි බල අමාත්‍යාංශයේ ඉහළ නිළධාරියෙක් ප්‍රකාශ කළේ වර්තමාන ඩොලර් අර්බූදය තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි බව ය.

Social Sharing
නවතම