ශ්‍රී ලංකාවේ චීන තානාපති සී සෙන් හොන් පසුගිය 16 හා 17 මන්නාරම සහ යාපනේ දෙදෙන නිළ සංචාරයක නිරත වෙමින් එම ප්‍රදේශවල ධීවර ජනතාවට ධීවර ආම්පන්න බෙදාදෙනු ලැබීය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවර සමූපාකර සංගම් කාර්යාලයට ගොස් මන්නාරමේ ධීවර පවුල් වෙනුවෙන් රුපියල් මිලියන 20 කට ආසන්න වටිනා ධීවර ආම්පන් ලබාදුන් චීන තානාපතිවරයා පසුව යාපනයට ගොස් නල්ලූර් හින්දු කෝවිල ද වැදපුදා ගත්තේය.
මීට ප්‍රථම උතුරේ සංචාරයේ නිරතවෙන ඉන්දියානු මහකොමසාරිස්වරු ඇමරිකා-යුරෝපා තානාපතිවරුන් අප දැක තිබුණත් මෙම චීන තානාපතිගේ උතුරේ සංචාරය සුවිශේෂ බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. පොහොර නැවේ ප්‍රශ්නය වැනි ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බූදයක් පවතින වෙලාවක මෙම සංචාරය සිදුවීමත් සුවිශේෂ ය.