“මින් පසු ප්‍රමිතිය අනුමත ගෑස් පමණයි”, අභියාචනාධිකරණයෙන් ගෑස් සමාගම්වලට නියෝගයක්.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරනු ලබන ගෑස් සිලින්ඩර් පමණක් පාරිභෝගිකයන් වෙත බෙදාහැරිය යුතු බවත්, ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර් යළි ගෙන්වා ගත යුතු බවත්, එම පරණ ගෑස් සිලින්ඩර් සඳහා අලුත් සිලින්ඩර් ලබාදීමේදී කිසිඳු මුදලක් අයනොකළ යුතු බවත්, අභියාචනාධිකරණය අද (දෙසැ :17)  ලිට්‍රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට නියෝග නිකුත් කර ඇත.

රුවන් ප්‍රනාන්දු, සම්පත් විජේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවන් ඉදිරියේ, අනාරක්ෂිත ලෙස ගෘහස්ත ගෑස් සිලින්ඩර  ආනයනය කර බෙදා හැරීමට කටයුතු කළ ගෑස් සමාගම්  සහ ඊට වගකිව යුතු රජයේ බලධාරීන්ට එරෙහිව අපරාධ  නීතිය යටතේ  නීතිමය පියවර ගන්නා ලෙස  නියෝග කරන්නැයි ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ රිට් පෙත්සමක් අද දින (දෙසැ 17) විභාගයට ගනිමින් මෙම නියෝග නිකුත් කරනු ලැබිණි. මෙම නඩු විභාගය නැවත එලබෙන ජනවාරි 26 දින විභාගයට ගනු ඇත.

Social Sharing
නවතම