“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” 73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල

“ මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ”

73 වන ජාත්‍යන්තර මානව හිමිකම් දින සැමරුම් උළෙල

අද බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී

73වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් වූ සැමරුම් උත්සවයක් දෙසැම්බර් අද (17) සවස 2ට  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

“මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි ” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සැමරුම් උළෙල තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, මහාචාර්ය රොහාන් සමරජීව, රෝහණ හෙට්ටිආරච්චි මහතා, නීතීඥ ප්‍රබෝධ රත්නායක, නීතීඥ දුලාන් දසනායක කෙටි දෙසුම් පවත්වන අතර මෙහිදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පවුල් ඒකකය වෙත බලපෑම් කර ඇති ආකාරය පිලිඹිබු කෙරෙන ‘තිත්ත කළුවර ‘ කෙටි චිත්‍රපටද තිරගත කරණු ලැබේ.

මෙම සැමරුම් උත්සවය සහ සංවාද මණ්ඩපය සංවිධානය කරන්නේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය යි. මෙහිදී ලංකාවම නියෝජනය කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගී වනු ඇත.

මෙම වැඩසටහන වෙත සම්බන්ධ වීමට කැමති අයට ඒ  සඳහා පහත සූම් ලින්කුව හරහා ඊට සම්බන්ධ වීමට හැකියාව ඇත.

 

Right to Life Sri Lanka is inviting you to a scheduled Zoom meeting.
Topic: “මානව හිමිකම් පිරිහීම ආර්ථික අර්බුදය දැඩි කරයි..!”
Time: Dec 17, 2021 02:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/87846980244...
Meeting ID: 878 4698 0244
Pass code: 343672

 

Social Sharing
ආර්ථික