”බච්චන්” පවුලේ හතරකට කොරෝනා

බොලිවුඩයේ සුපිරි නළු නිළියන් ලෙස හැදින් වෙන අමිතා බච්චන්, අභිෂේක් බච්චන්, ‌ඵෙශ්චර්යා රායි සහ ඇයගේ දියණිය ඇතුලු වච්චන් පවුලේ හතර දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

කෝටි 138ක ජනග්‍රහණයක් සහිත ලෝකයේ දෙවැනි ජනග්‍රහණය සහිත රට ලෙස සැලකෙන ඉන්දියාව තුළ, මේ වන විට කොරෝනා වෛරසය පාලනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ. ඉන්දියාව ලෝකයේ වැඩිම කොරෝනා රොගීන් ප්‍රමාණයක් වාර්තාව තුන්වන රට බවට පත්ව තිබේ. ඊයේ සහ පෙරෙයිදා පමණක් කොරෝනා වෛරසය ආසාදනය වූවන් දිනකට විසිහත්දහස ඉක්මවූ ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒම දින දෙක තුල මෙම රෝගයෙන් මිය ගිය ප්‍රමාණය දහස ඉක්මවීය. අද වන විට ඉන්දියාවෙන් වාර්තා වූ මුලු කොරෝනා ආසදිතයින් ප්‍රමාණය 853,211 කි. මිය ගිය සංඛ්‍යාව 22,718 ක් බව වාර්තා වේ.

 

 

Social Sharing
නවතම විදෙස්