මහබැංකු බැඳුම්කර නඩුවට අදාළ චෝදනා 11කින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා නිදහස් කර ඇති බව කොළඹ මහාධිකරණයෙන් වාර්තා වේ.
නීතිපතිවරයා මෙම නඩුව චෝදනා 22ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබුණේය. එම චෝදනා අතරින් චෝදනා 11කින් රවී කරුණානායක ඇතුලු පිරිස නිදහස් බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා මතුකළ මූලික විරෝධතාවයන් සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.