බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!

බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන් තබමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් දින 14 ක් හුදකලාව ගත කරමින් තම රාජකාරි කටයුතු දිගටම සිදු කරගෙන යන බවයි.

පසුගිය දා සිදු වූ දෙශපාලන පෙරලියක් හේතුවෙන් බොලීවියාවේ හිටපු ජනපති ඊවෝ මොරාලෙස් බලයෙන් පහකිරීමෙන් පසුව ගොඩ නැගූ අන්තර් පාලන රජයේ ජානධිපතිනිය ලෙස ජැනීන් ඇනෙස් පත් වූවාය. බොලීවියාවේ ද මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේ පැවැත් වීමට නියමිතව ඇතත් පවතින වසංගත තත්ත්වය හමුවේ ඒය පැවැත්වීම අවිනිශ්චිත විය හැකි බව ද පැවසේ.

ලතින්ඇමරිකානු කළාපයට අයත් වන බොලීවියාව තුළ මෙම කොරෝනා වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අන්තර් පාලන රජයේ ඇමතිවරැ හතර දෙනෙකුටත් මේ වන විට මෙම වෛරසය වැලදී ඇති බව වාර්තා වේ. අද වන විට බොලීවියාවේ කොරෝනා රෝගීන් 44,113 වාර්තා වී ඇති අතර ඉන් 1600 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Social Sharing
නවතම විදෙස්