දෙමළ සිරකරුවන්ට ආරක්ෂාවේ ගැටලුවක් නැතිලු – අධිකරණ ඇමති

තමන්ට බන්ධනාගාර තුළ ලැබෙන ආරක්ෂාව හෝ පහසුකම් සම්බන්ධයෙන් කිසිඳු ගැටලුවක් නොමැති බවද, තමන් යාපනය බන්ධනාගාරයට යාමට ඉල්ලීම් කරනුයේ පවුලේ අය ගැන සිතා බව එල් ටී ටී ඊ සැකකරුවන් පැවසූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි  මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ  එල්. ටී .ටී. ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව  මාධ්‍ය හමුවේ අමතමිනි.

තමන් උතුරේ බන්ධනාගාර වලට මාරු කරන ලෙස ඉල්ලා සීටියේ ආරක්ෂාවේ ගැටලුවක්  නිසා නොව තම පවුල්වල පිරිසට තමන්ව බැලීමට පදිංචි ස්ථාන වෙත පහසුවෙන් ළඟා විය හැකි බැවින් යැයි එල්.ටි.ටි.ඊ සැකකරුවන් කියු බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම එල් .ටී. ටී .ඊ සැකකරුවන්ට මේ වන විට හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් බලපෑමක් එල්ලවීද යන්න සම්බන්ධයෙන් තමන් ඔවුන්ගෙන් විමසූ විට මෙම සිරකරුවන් පැවසුවේ,තමන්ට කිසිඳු බලපෑමක් එල්ල වී නොමැති බවත්, ඉකුත් දා ඇතිවූ ගැටලුව, ජාතිවාදය හෝ වෙනයම් ගැටලුවක් නිසා සිදු වූ දෙයක් නොවන බව ඔවුන් දන්නේ යැයි තමන් වෙත පැවසූ බවත්,අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

එමෙන්ම හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ස්වාධීනව සිදුකෙරෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

අනුරාධපුර බන්ධනාගාරයේ පහුගිය 12 දා රජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කලහකාරී ලෙස හැසිරි දෙමළ සිරකරුවන් කිහිප දෙනෙකුගේ හිසට පිස්තෝලය තබා මරණිය තර්ජන එල්ල කර තිබුණි. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සොයා බලා තිබුණි.

එම සිරකරුවන් හමු වී කථා බහ කර තිබුණි. ඒ් සෑම අවස්ථාවකම ඔවුන් ඉල්ලා තිබුණේ තමන්ගේ ජිවිත ආරක්ෂාව පතා උතුරේ බන්ධනාගාර වෙත මාරු කර යවන ලෙසටය. මේ පිලිබඳ දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහුගියදා පාර්ලිමේන්තුවේදීද හෙළි කර සිටියේය.

නමුත් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඊට හාත්පසින්ම වෙනස් කථාවකි. බන්ධනාගාර දෙපාර්තමේන්තු අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග පවසන්නේ ද අවසානයේ මෙම සිද්ධියද කිසිවක් සිදු වී නැති බවට ඔප්පු කරනු ඇති බවය.

ශානි

Social Sharing
නවතම