ඇමති බැසිල්ගෙන් තවත් ණයක් ගන්න යෝජනාවක්!

ශ්‍රි ලංකාව මේ වන දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව නොරහසකි. ඒ් නිසා වරින් වර විවිධ රටවලින් ලබා ගන්නා ණය ප්‍රමාණයේද සීමාවක් නැත. ලංකාව දෙසැම්බර් මාසය වන විට තවත් විශාල ණය වාරිකයක් ජාත්‍යන්තරයට ගෙවිය යුතුව ඇත.

මේ අතර ආණ්ඩුව ලබන වසරේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීමට නැවත අපේක්ෂා කරමින් සිටියි.

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද  (27)ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාව ද ඊට ඇතුළත් කර ඇත .

ලබන වසරේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර ,ප්‍රාග්ධන වියදම රුපියල් රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි  මේ වන විට ගණන් බලා ඇත.

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

මේ අතර පහුගියදා කියවුනේ අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ලෙස යළි පත්වීමෙන් පසුව මේ දක්වා රුපියල් කෝටි 4,784 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබෙන බවය.

හිටපු ආණ්ඩුකාරවරයකු වන රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසා තිබුණේ අජිත් නිවාඞ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධූරය සදහා පත් වූයේ පසුගිය 15 වන දා ය. ඔහු මහබැංකු අධිපති වූ දිනයට පසුදා දිනයේ දී ම මහබැංකුව රුපියල් මිලියන 45,950 ක මුදලක් අච්චු ගසා තිබෙන බවත් ඉන් පසුව  (24) තවත් රුපියල් මිලියන 1890 ක මුදලක් අච්චු ගසා ඇතැයිද ඔහු කියා තිබුණි.

මෙලෙස මුදල් අච්චු ගැසිම රටේ උද්ධමනය ඉහළ යාමට හේතුවක් නොවන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා තිබුණි. නමුත් මුදල් අච්චු ගසන ප්‍රමාණයට වඩා රටේ නිෂ්පාදන ආදායම අඩු නම් එය උද්දමනයට හේතුවක් බව ඔහු අමතක කර ඇත.

දිගින් දිගටම මෙලෙස ලංකාව ජාත්‍යන්තරයට ණය වීම තුලින් ඉදිරි අනාගත පරම්පරාවට සිදු වන්නේ ණය ගෙවන ජාතියක් බවට පත් වීමට නොවේද?

ශානි

 

Social Sharing
නවතම