සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන බුද්ධි කොට්ඨාශ ලිපිය බොරුවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත යවන ලද රහස්‍ය ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල මෙන්ම වට්ස් ඇප් කණ්ඩායම් අතරද හුවමාරු වෙමින් ඇත.

එම ලිපියේ සඳහන් වන්නේ ඉන්ටර් ස්කූල් නම් වට්ස් ඇප් කණ්ඩායමක් ඇති බවත් ඊට ආරාධනා කළහොත් එක් වීමෙන් වළකින ලෙසට තොරතුරක් ලබා දීම පිලිබඳවය. ලිපියේ සඳහන් පරිදි මෙම කණ්ඩායම ISIS නම් ඩෙෂ් සංවිධානයට අයත් එකක් බවත් මෙම කණ්ඩායමට join වුවහොත් යළි ඉවත් විය නොහැකි බවත්ය. මේ පිලිබඳ වහා විමර්ශනයක් සිදු කරන ලෙස බුද්ධි කොට්ඨාශ අධ්‍යක්ෂකවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

මෙම ලිපිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කොළඹ සියලුම නියෝජ්‍ය පොලිස්පති කාර්යාල දැනුවත් කිරිමට පියවර ගෙන. එකී  නියෝජ්‍ය පොලිස්පති කාර්යාල මෙම ලිපිය සියලුම අදාල පොලිස් ස්ථාන වෙත යවා තිබේ.

එම පොලිස් ස්ථාන වලින් මෙම ලිපිය ඒ් ප්‍රාදේශිය ලේකම්වරුන්ටද යවා ඇත.

මෙම ලිපිය මෙසේ දිගින් දිගටම සංසරණය වන විට පොලිස් මුලස්ථානය පවසා සිටින්නේ වෙනත් කථාවකි. ඒ් මේ හුවමාරු වන පණිවිඩය අසත්‍යයක් බවටය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි , නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය හරහා හුවමාරු වන පණිවුඩය අසත්‍යක් බවත් වට්ස්ඇප් කණ්ඩායමක් පිළිබඳ සමාජ මාධ්‍යජාල මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය ගැන අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත්ය.

අදාළ වට්ස්ඇප් පණිවුඩය තහවුරු නොවූ කරුණක් පිළිබඳව සඳහන් වූවක් බව පොලිසිය වැඩි දුරටත් පවසයි.

ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් යොමු කළ දැනුම්දීමක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව පවසන  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ  මෙවැනි දැනුම්දීම් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සාමාන්‍යයෙන් සිදුවන බවත් අදාළ පණිවුඩයේ සඳහන් කරුණු නිශ්චිතව තහවුරු වී නොමැති බවත්ය.

බුද්ධි අංශ විසින් රහසිගතව වාර්තා කරනු ලබන ලේඛන හෝ වාර්තා හෙළිදරව් කිරීම රාජ්‍ය රහස් පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් එමෙන්ම ඒවා ප්‍රචාරය කිරීම පරිඝනක පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව ද ඔහු කියා සිටියි.

එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ආකාරයකට පතුරුවා අපරාධ නිතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් එවැනි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හෝ වෙනස් අකාරයකට පැතිරීමෙන් වලකින ලෙසත් පොලිස් මුලස්ථානය මහජනතාවට දන්වා සිටියි.

මෙහිදි පොලිසිය සිදු කළ යුත්තේ මෙවන් රහස්‍ය පණිවිඩයක් පිටට ගියේ කා අතින්ද යන්න සෙවීමය. නමුත් ඒ් බව පසෙකලා ඔවුන් මහජනතාව බිය ගැන්වීමට කටයුතු කරමින් ඇත.

මීට පෙරද පාස්කු ප්‍රහාරයෙන් පසුව යළිත් ලැබුණු අනතුරු ඇඟවීමක් ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත හෝටල් දැනුවත් කිරිම නිසා  කොටුවේ පොලිස් නිලධාරින් දෙදෙනෙකු වැඩ තහනමටද ලක් වු අයුරු අපට මතකය. එහිදි ඔවුන් කර තිබුණේ උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් පිලිපැඳිම පමණි. නමුත් අවසානයේ පහළ තැනින් වතුර බැස ගියේය.

කෙසේ නමුදු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ මෙවන් රහස්‍ය ලිපි සමාජගත වීම කෙරෙහි දෙවරක් සිතිය යුතුය. පාස්කු ප්‍රහාරය ගැන ලැබුණු ලිපියද එදා මෙසේ සමාජගත වුවානම් ඒ් ඛේදවාචකයෙන් අපට ගැලවීමට හැකිව තිබුණි.

letter

 

Social Sharing
නවතම