සහල් /සීනි උපරිම මිලේ ගැසට්ටුව එළියට!

සීඝ්‍රයෙන් ඉහළ යන සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කිරීම ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිදු කර ඇත.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා විසිනි.

ඒ් අනුව අංක 2243/ 13 ගැසට්ටුවට පරිදි  සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122 ක් වන අතර  පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙස සඳහන් වේ.

එමෙන්ම සුදු සීනි කිලෝවක් ආනයනකරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල රුපියල් 116 ක් ලෙස එහි  දක්වා තිබේ.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 ක් ලෙස ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.

මේ අතර 2243/14 ගැසට්ටුව පරිදි සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙන අතර  සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 98 කි. . සුදු හා රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් වන අතර කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 125ක උපරිම සිල්ලර මිලක්ද මෙමගින් නියම කර තිබේ.

අදාළ ගැසට් නිවේදන නිකුත්කර ඊයේ (02) සිට බලැපැත්වෙන පරිදි නිකුත් කර ඇත.

ශානි

Social Sharing
නවතම