IGP පොලිස් නිලධාරීන්ගේ කට වසයි!

පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට  මාධ්‍ය වෙත අදහස් පළ කිරීම තහනම් කර තිබේ.

ඒ් පොලිස්පතිවරයා විසින් සියලුම පොලීසිි වෙත නිලධාරින්ගේ කට වසා ගන්නා ලෙස චක‍්‍රලේඛයක් නිකුත් කර තිබීම නිසාය.

පසුගිය සතියේ සති අග අරුණ පුවත්පතට සහ ලංකාදීප පුවත්පතට අසත්‍ය හා තහවුරු නොකරන ලද ප‍්‍රවෘත්ති ලබාදී ඇති බවත් ඒ අනුව පොලීසිය ගනුලබන ප‍්‍රතිපත්තිමය තීරණවලට බාධා එල්ලවී ඇති බවද පොලිස්පතිවරයා චක‍්‍රලේඛයේ සදහන් කර ඇත.

මේ නිසා පොලිස්පතිවරයාගෙන් අවසර ලබා නොගෙන කිසිදු පොලිස් නිලධාරියෙක්ට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට මින් ඉදිරියට නොහැකිය. අදහස් දැක්විය හැක්කේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට හා අදාල අවසරලත් නිලධාරීන් හට පමණි.

එසේම අසත්‍ය හෝ තහවුරු නොකරන ලද පුවතක් මාධ්‍යයට ලබාදෙන නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා බවද, එසේ කිසියම් පොලිස් නිලධාරියෙක් විසින් මාධ්‍යයට කරුණු අනාවරණය කළහොත් එය අදාල පොලිස් නිලධාරියාගේ පුද්ගලික මතය මිස පොලීසියේ නිල මතය නොවන බවද පොලිස්පතිවරයා කියා ඇත.

ශානි

 

Social Sharing
නවතම