ඉන්ධන අර්බුදය ගැන ඉඟිය දුන්නේ ආන්නද පාලිත විතරමද?

ඉන්ධන අර්බුදයක් ගැන මේ වන විට රටේ දැඩි කතාබහක් ඇති වී ඇත. ආණ්ඩුව පවසන ආකාරයට ජනතාව කලබල වී ඉන්ධන පෝලිම් වල සිට ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා ඉන්ධන හිඟයක් ඇති වන බවටත් ඇමතිවරයාගේ නිවසේ සිදුවන ඉදිකිරිම් කටයුත්තක් පිලිබඳවත්  සිදු කළ අසත්‍ය පුවතක් නිසාය.

ඔහු මෙලෙස අසත්‍ය පුවත් සමාජ ගත කිරිම නිසා ඊයේ (21) රාත්‍රියේ වැලිසර පිහිටි ඔහුගේ නිවසට කඩා වැදුනු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ආනන්ද පාලිත මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුලස්ථානය සඳහන් කරන පරිදි ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු වුයේ 08-19 වෙනි දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දැනට ඛනිජ තෙල් නීතිගත  සංස්ථාවේ තෙල් ඇත්තේ දින 11 කට පමණක් බව පවසමින් අසත්‍ය තොරතුරු සමාජගත කිරිම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලක් නිසාය.

ආණ්ඩුව කියන පරිදි ආනන්ද පාලිත එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයෙකි. ඒ් නිසා රට අරාජික කිරිමට ඔහු මෙලෙස අසත්‍ය පතුරවා ඇත.

නමුත් මේ කථාවේ ආරම්භය වුයේ 2021- 08- 17 වෙනි දින පෙරවරු 11.56 ට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිය ට්ටිටර් ගිණුමේ තැබු සටහනකි.  ( https://twitter.com/UPGammanpila/status/1427517076969717763)

” තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.

ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු”  කියා ඔහු සටහනක් තබා තිබුණි.

අමාත්‍යවරයාගේ මෙම සටහන ඉදිරියේදි ඇති වන ඉන්ධන අර්බුදයක් ගැන ඉඟියක් ලබා දී ඇත. මෙම පුවත මාධ්‍ය මඟින්ද වාර්තා කර තිබුණි. ( https://mawbima.lk/news-more/87839)

ඔහුගේ මෙම සටහනින් පසුව 08-19 වෙනි දින ආනන්ද පාලිත මහතා මාධ්‍ය හමුවක් පවත්වා තිබුණි. නමුත් ආණ්ඩුවේ මෙය බොහෝ දෙනෙකුට මෙය රිස්සුවේ නැත. අවසානයේ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යළිත් වරක් ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ ඛනිජතෙල් හිඟයක් නැති බවය.

ඒ් 08-20 දා පෙරවරු 6.30 ට ය. ඔහු ඉන් කියා ඇත්තේ  තෙල් මිල වැඩි වන බව රටට දැනුම් දුන් අයුරින් විදේශ විනිමය අර්බූදය ගැන මුලින්ම රටට කියූ අයුරින් තෙල් හිඟයක් ඇත්නම් එය මුලින්ම රටට කියන්නේ මා බව අවස්ථා ගණනාවක දී පවසා ඇත.

විශ්‍රාමික කම්කරුවෙකුගේ බොරු වලට පිලිතුරු දීමට සිදුවීම කනගාටුවක් බවටය.  (https://twitter.com/UPGammanpila/status/1428527931605753857)

අවසානයේ පොඩි තැනින් වතුර බැස ගොස් ඇත.

ශානි

 

 

Social Sharing
නවතම