නිරෝධායන නීති අගමැතිගේ සමච්චලයට.

අගමැති මහින්ද  රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) සවස  අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීම සමච්චලයට ලක් කළ අතර ඔහුගේ සමච්චලයට පැමිණ සිටි පිරිස කොක් හඩලා සිනාසෙන අයුරුද දකින්නට හැකි වීය.

අගමැතිවරයා සහභාගි වූ එම මැතිවරණ රැලියේදී ජනතාව ඇමතූ අගමැතිවරයා කථාව අවසානයේදී ජනතාව 499 ක් පැමිණ ඇති බවත් තමන් එය ගණන් කළ බවත් පැවසීය. කොහොම හිරි නිරෝධායන නීතිය රැක ඇති බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

නිරෝධායන නීතිය අනුව මහජන රැස්වීමක් පැවැත්වීම සදහා පුද්ගලයින් 500 දෙනෙකු සහභාගි කරවා ගත හැකි බවට දැනුම්වත් කොට තිබීම නිසා අගමැතිවරයා මෙසේ පැවසූ අතර එම රැස්වීමට දහසකට වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.

නිරෝධායන නීති අගමැති සමච්චලයට ලක් කරයි.

සභාව ඇමතූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය. ඊළග මැතිවරණයේදී පොදුජන පෙරමුණට තුනෙන් දෙකක බලයක් ලබා දෙන්න. මන්ත්‍රී වරුන් එහාට මෙහාට පනින එක අපි නවත්වනවා. විවිධ ලාභ ප්‍රයෝජන අරගන්න මන්ත්‍රී වරුන් පනිනවා . ඒ ක්‍රමය නැවැත්විය යුතුයි.

එ.ජා.ප ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණන කොට අර්ජුන රණතුංග ඇමතිවරයා ඊට විරුද්ධ වුණා. ඒ එයාගෙ හිතවත් සමාගමකට හම්බන්තොට වරාය නොදුන් නිසා. බවද අගමැතිවරයා පැවසීය.

පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපෙක්ෂක අජිත් රාජපක්ෂ මහතාගේ නිවසේදී මෙම ජනහමුව පැවති අතර අජිත් රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින් විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සමරු තිලිණයක්ද එහිදී පිරිනමනු ලැබීය.

අගමැතිවරයා ගේ හඩ පටය

Social Sharing
නවතම