ආයුර්වේදයේ මුවාවෙන් එන කුරුඳු සිගරට් උගුල – ADIC Sri Lanka

cinnamon cigarettes Alcohol and Drug Information Centre

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පහුගියදා කුරුඳු සිගරට්ටුවක් මුවේ තබාගෙන සිටින ඡායාරූපයක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ සෞඛ්‍යට හිතකර යැයි පවසමින් කුරුඳු සිගරට්ටුවක් එළි දැක්වීමේ අවස්ථාවේදීය. අමාත්‍යවරයාගේ මේ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනෙකු විවේචනය කර සිටියහ. නමුත් අද වෙන තුරු මේ කුරුඳු සිගරුට්ටුව සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගත් බවක් පෙනෙන්නට නැත. ලොව පුරා සිගරට් සමාගම් දුම්බීමේ  පුරුද්ද දිගින් දිගටම පවත්වාගෙන යාමට විවිධ උපායන් අනුගමනය කරයි. ඒ අතර නිකොටින් රහිත වෙනත් දුම්පාන වෙළඳපලට  ඉදිරිපත් කිරීම ඉන් ප්‍රධාන එකකි.  ශ්‍රී ලංකාව තුළ ද කුරුඳු සිගරට් හඳුන්වාදීම එවැනි උපායක් වන අතර එයට ප්‍රධානතම…

Read More

කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.

wimal weerawansa cinnamon cigarette All Ceylon Medical Officers Association

කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද දුම්වැටියක් පහුගිය 17 දා එළි දක්වනු ලැබුයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් එම දුම්වැටියේ විශේෂත්වය ගැන කථා කළ අතර ඔහු දුම්වැටිය පානය කරද පෙන්වීය. ලංකාවේ නිශ්පාදිත ආයුර්වේද නිශ්පාදනයක් ලෙස හුවා දක්වමින් විදේශීය නිකොටින් සහිත සිගරට් වලට ආදෙශකයක් ලෙස භාවිතා කල හැකි දෙයක් ලෙස ඔහු  “කුරුඳු දුම්වැටි” හඳුන්වා දෙන ලදි. ලංකාවේ නීතියට අනුව දුම් වැටි හා මධ්‍යසාර ප්‍රවර්ධනය කිරීමට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලයක් නැත. මෙය දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් ප්‍රකාශිත දුම්කොල මධ්‍යසාර පනත් උල්ලංඝනය කිරීමකි.…

Read More

හෙළ බොදු සවිය විමල් වීරවංශට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි

wimal weerawansa Lion Heart cinnamon cigarette launched

දුම්වැටි ප්‍රචාරයේ යෙදුනු රජයේ ප්‍රධාන අමාත්‍යවරයකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බෞද්ධ සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය විමසා ඇත්තේ කුරුඳු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අදාළ සමාගමට ලිපියක් මගින් දැනුම් දී ඇති අවස්ථාවේද එය ප්‍රවර්ධනය සිදු කරන්නේ කුමන බල අධිකාරියේ බලය නිසා ද යන්නයි. කුරුඳු භාවිත කරමින් සකස් කරන ලදැයි පැවසෙන සිගරැට් වර්ගයක් නිෂ්පාදනය කිරීම කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය යටතේ  දේශිය ව්‍යාපාරිකයෙක් මගින් සිදු කර තිබුනි. පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී…

Read More

මම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර

I will not leave the party Wimal Weerawansa

අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. විශේෂයෙන්ම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ පිලිබඳව විවේචනය කර තිබු අතර පොදුජන පෙරමුණේ සියල්ලන්ම කලබලයට පත්ව තිබෙනු දැකිය හැකි විය. පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ඔහුට බලපෑම් කළ නොහැකි බව සෘජුව ප්‍රකාශ විය. මේවන විට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර ඇත්තේ බෙදිමකි. මේ අතර ඊයේ (19) දින කොලඹ පැවති උත්සවයකින් අනතුරුව…

Read More

පොහොට්ටුවෙන් අරියාදු එපා! – ජා.නි.පෙ අයැදියි!

Sri Lanka Podujana Peramuna Jathika Nidahas Peramuna

විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් වැරදියට වටහා ගැනීම නිසා මේ වන විට සමාජයේ වික්ෂිප්ත භාවයක් මතුව ඇතැයිද බිම් මට්ටමේ ඇති තත්ත්වය පොදුජන පෙරමුණේ නායකයින් තේරුම් ගත යුතුව ඇතැයිද ඔහු පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණ තුල සක්‍රීය දේශපාලනයේ යෙදීමට ඉඩක් ලබා දිය යුතු බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයෙන්…

Read More