යුක්රේනය ආක්රමණයේ දී සිදු වූ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ, විශේෂ යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුවයි. එහි දී සාමාජිකයින් 47 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම යෝජනාවට සාමාජිකයින් 33 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ. නමුත් චීනය සහ එරිත්‍රියාව ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරද්දී, සාමාජිකයින් 12 දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. එසේම යෝජනාවට විරෝධය දැක්වීමක් ලෙස රුසියාව, එම සැසිවාරය සඳහා සහභාගී වූයේ නැත. ඒ අනුව රුසියාව සිදුකර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කමිටුවක් මගින් පරීක්ෂණ සිදුකෙරෙනු ඇත. එසේම…
Read MoreTag: united nations
පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්රනයක්, වහා මැදිහත්වන්න
පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය දිනාගැනීමේ ක්‍රියාන්විතයට මැදිහත් වන්නැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සීලය අමතමින් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇත. පසුගිය පෙබරවාරි 07 දා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අමතමින් අගරදගුරු හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරයෙන් සිදුවූ සමූල ඝාතනය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ වැඩක් බව මුලින් ප්‍රකාශ වුවත්, ඉන් අනතුරුව සිදු වූ විමර්ශනවලදී එය මහා දේශපාලන කුමන්ත්රණයක කොටසක් බව අනාවරණය වී ඇති බවය. මෙම අපරාධය සිදුවී වසර තුනක් යන තුරුත් එහි සත්‍ය හෙළිනොවීම අගතියට පත් වින්දිතයින්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ…
Read Moreඅම්බිකාගේ ප්‍රකාශය නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් ඔප්පු කළා | Ruki Fernando
අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී
අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය…
Read Moreයුක්තිය පතා අගරදගුරු ජාත්‍යන්තරයට
අප්‍රේල් 21 වැනිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණත්වය පතා ස්ථිර වශයෙන්ම ජාත්‍යන්තරයට යනබව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රකාශ කරති. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ගේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් අගරදගුරු හිමිපානන් මේ බව ප්‍රකාශ කළ අතර ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ, දේශීයව නීතිය ක්‍රියාත්මක නොවීම තුළ ජාත්‍යන්තරයට යොමුවීම හැර වෙනත් විකල්පයක් කතෝලිකයන්ට නොමැති බවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ කතෝලික සභාව සමග සම්බන්ධතා තියෙන බලවත් රටවල්වලට සාධාරණත්වය පතා අයාචනය කරන බව ප්‍රකාශ කරන ඒ හිමියන් කතෝලික පල්ලිය ජාත්‍යන්තර සංවිධානයක් බවත් එයට ලෝකය පුරාම සම්බන්ධතා ඇති බවත්…
Read Moreබදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?
පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ එලෙස පහර කෑ රැඳවියන්ගේ ඥාතීන් විසින් මඩකලපුව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකිනි. මෙම පහර දීම ගැන ආංරචි වූ ඥාතීන් විසින් බදුල්ල මානව හිමිකම් කොමිසමෙන් කරන ලද විමසීමට පිලිතුරු වහයෙන් කියා ඇත්තේ එම රැඳවියන්ට පහර දීමක් සිදුව නැති බවයි. බදුල්ල බන්ධනාගාර බලධාරීන්ද දී ඇත්තේ එම පිළිතුරමය. එසේ නමුත් එම රැඳවියන්ගේ ඥතීන් ඔවුන් බැලීමට ගිය විට දැක ඇත්තේ…
Read Moreක්ෂුද්‍ර මුල්‍ය ණය නිසා ලංකාවේ කාන්තාවන් 200ක් දිවි නසාගෙන – UN කියයි!
කිසිදු සෝදිසි කිරීමකට යටත් නැති මුල්‍ය සමාගම් දෙන ණය සඳහා ගිනි පොලී ගෙවාගත නොහැකිව දෙසියයකට වැඩි ශ්‍රී ලංකික කාන්තාවන් පිරිසක් සියදිවි හානිකරගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හෙළිකරගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය විසින් ඇතිකොට තිබෙන විනාශයේ තරම අනාවරණය කෙරුනේ රජයේ ආරාධනයෙන් පැමිණ දිවයින පුරා කළ සංචාරයක් නිම කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු විසිනි. “ණය සඳහා අයකෙරෙන ඉතා ඉහල පොලී රේට්ටු නිසා බොහෝ කාන්තාවෝ ණය දාස භාවයට ගොදුරු වෙති. මේ නිසා පසුගිය අවුරුදු කීපය තුල කාන්තාවන් 200 කට වඩා සියදිවි හානි කරගත් බව වාර්තා…
Read Moreවදහිංසා පනත යටතේ නීතිපති නඩු නොදැම්මොත්?
පොලීසියේ නිලධාරීන් හෝ රජයේ නිලධාරීන් ශාරීරික හෝ මානසික වධහිංසාවන් කලොත්, වදහිංසාවන් කරපු අයට නීතිපති නඩු නොදැම්මොත් …..1994 අංක 22 දරණ කෲර වධහිංසාවලට එරෙහි පනත භාවිත කරන හැටි. ඌන භාවිත නීතියකි. ඉහල විස්තර කරල තියන රජයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු හෝ පොලිස් නිලධාරියකු කම්මුල් පාරක් ගැහුවත් ප්‍රසිද්ධියේ බෙල්ලෙන් අල්ලලා පස්සට පහර දුන්නත්, පයින් යටි බඩට ගැහුවත් එහෙම නැත්නම් වධහිංසා දුන්නත් ඒ අයට විරුද්ධව ඔබ පොලිසියට පැමිණිලි කලොත් හා නීතිපති දෙපර්තමේන්තුවට පැමිණිලි කලොත් නීතිපති තුමා ඉහත නීතීය යටතේ එම රජයේ නිලධාරීන්ට එරෙහිව නඩු පවරන්න බැඳිලා ඉන්නවා. අපි කරන්න ඔනා එතනට රටේ නීතීය තල්ලු…
Read Moreලංකාවේ බන්ධනාගාර තුල මැන්ඩෙලා ප්රමිතීන් තියා මූලික ප්‍රමිතීන්වත් නෑ – අම්බිකා සත්ගුණනාදන්
2018 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පිලිබඳව ජාතික අධ්‍යයනයක් සිදු කළේය. මෙයට පාදක වූයේ බන්ධනාගාර, සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන්වය. ඊට අමතරව රාජ්‍ය ආයතන හා ස්වාධීන ආයතන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වලද මෙහිදී සහාය කර ගන්නා ලදි. මෙම ජාතික අධ්‍යයන වාර්තාව මෙහෙය වුයේ එවකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සිටි අම්බිකා සත්ගුණනාදන් මෙනෙවිය විසිනි. ඇය සිය අත්දැකීම් ශ්‍රී ලංකා බන්ධනාගාර මැන්ඩෙලා ප්‍රමීතීන් අනුගමනය කරන්නේද? යන මැයෙන් අයිතිය වෙබ් අඩවිය හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුණි. බන්ධනාගාර වල තත්ත්වය කෙබඳුද? ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල මැන්ඩෙලා…
Read Moreමනුෂ්‍යයින් අමනුෂ්‍යයින් කරන ලංකාවේ බන්ධනාගාර!
පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා නිවසේ රැඳී සිටියදී 2021- 06-26 දා රාත්‍රියේ වෑන් රථයකින් පැමිණි පිරිසක් නිවසට කඩා වැදී නිවසේ බඩු භාණ්ඩ කඩා බිඳ දමා අසේල සම්පත් මහතාව පැහැර ගෙන ගොස් තිබුණි. මේ පැහැර ගැනීමත් සමඟ ඔහුගේ දියණිය ඒ සම්බන්ධව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කර තිබුණි. පසුව හෙළි වුයේ අසේල සම්පත් මහතාව ගෙන ගොස් තිබුණේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් බවය. ඒ මොහුට විරුද්ධව ලැබී තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙනි. අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණු අසේල සම්පත් මහතාව පසු දින ඇප මත මුදා හැර තිබුණි. මේ ආකාරයෙන් පොලිස් අත්අඩංගුවට…
Read More