මාධ්‍යවේදීන්ටත් පන්දාහ ඉල්ලයි!

journalists in crisis covid situation sri lanka

රට මුහුණ දී සිටින ආපදා තත්වය හමුවේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදීන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව සිටින බව අගමැතිවරයාට දැනුම් දෙන මාධ්‍ය වෘත්තිය සම්මේලනයක් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙතද අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් ගෙවන රුපියල් පන්දහස  ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ජුනි 10 බ්‍රහස්පතින්දා යොමු කළ ලිපියක් මගින් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය දැනුම් දී ඇත්තේ කොරෝනා වසංගතය, ගංවතුර, නායයෑම් නිසා රටම බලවත් ව්‍යසනයකට පත්ව තිබෙන මේ මොහොතේ ප්‍රාදේශීය වෘත්තීමය මාධ්‍යවේදියාගේ දරුපවුල්, ඔවුන්ගේ ආහාර පුමුඛ මුලික අවශ්‍යතාවන් සපුරා ගන්නට නොහැකිව බලවත් පීඩනයකට මුහුණ දෙමින් සිටින බවයි. “ජනතාව  වෙත තොරතුරු ළඟා…

Read More

හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

Journalists in Sri Lanka Covid vaccine Ministry Of Health

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි. ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත. මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී…

Read More

සිවරාම් ඝාතනයේ 16 වැනි වසර සිහි කෙරේ!

murder of Dharmaratnam Sivaram 16th commemoration

මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අප්‍රේල් 29 බදාදා  සමරන ලද්දේ  චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම්  සිවරාම් ගේ  ගුණානුස්මරණයයි. 1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැරගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි. ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවරේ අධි ආරක්ෂක කලාපයේ දී ය.  ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.…

Read More

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

Ethics of Social Media in Sri Lanka ajith parakum jayasinghe

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක් තියෙනවා. ගැටලු ඇතිවෙන්න හේතුවක් තමයි මේ සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවෝ සහ පුරවැසියන් අතර පරතරය නැත්තං වෙනස අවම වෙලා තියෙන එක. අද වෙනකොට සමාජ මාධ්‍යවල තියන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවෙක් බවට පත්ව තමන්ගේ ප්‍රකාශනය  කරන මට්ටමෙන්ම එහාට ගිහිං ඒක වඩා වැඩි පිරිසක් වෙත සමීප කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක පුරවැසි මාධ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්.  සමාජ…

Read More

මාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කිරීමට මහ පාරේ සිටිය යුතු නැහැ! – මාධ්‍යවේදිනී ජයනි අබේසේකර

Journalists should not be on the streets to do justice black january

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව ප්‍රජාත්‍රන්තවාදය උදෙසා වූ මාධ්‍යවේදියෝ සංවිධානය  වාර්තාවකින් පෙන්වා දී ඇතැයි  අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලයේ සාමාජික, මාධ්‍යවේදිනී ජයනි අබේසේකර මහත්මිය පවසයි. ඒ මාධ්‍යවේදීන් 44 ක් අතරින් 41 කු දෙමළ මාධ්‍යවේදීන් බව අවධාරණය කර සිටින ඇය පවසන්නේ මේ කළු ජනවාරිය තුල අප අනුස්මරණය, ස්මරණය කරනු ලබන්නේ දකුණේ සිංහල මාධ්‍යවේදීන් පමණක් නොව උතුරේ දෙමළ මාධ්‍යවේදීන් ඇතුලු මාධ්‍ය ආයතන වලට සිදු වූ අපරාධ බවය. පහුගිය දශක දෙක දෙස හැරී බැලීමේදී පෙනී යන්නේ විශාල වශයෙන් මාධ්‍යවේදීන් මෙන්ම…

Read More

මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ

There is a possibility of this government suppressing the media again - Ajith Parakum Jayasinghe

දැන් බලයේ ඉන්නේ කළු ජනවාරිය නිර්මාණය කළ පිරිස මයි. ඔවුන් විසින් ICCPR  පනතෙහි නීති අපහරණය කෙරෙමින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බව අජිත් පැරකුම් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ දී අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මගින් අද දින [02] පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය. මෙහි ප්‍රධාන තේමාව වූයේ “තවත් ජනවාරි ඉවරයි,මාධ්‍යවේදීන් වෙනුවෙන් නැගී සිටිය යුතුය” යන්නයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ අදහස් පැවසීය. “මාධ්‍ය මර්දනය තෝරාගත් ආකාරයකින් සිදු කරන අතර ICCPR සම්මුතිය නොතකා හැර රජය මගින්, රජයට  සම්බන්ධ හිතවතුන් මගින්, රජයට සම්බන්ධ හෝ…

Read More

වසර 11 ක් පුරා යුක්තිය ඉල්ලන කළු ජනවාරිය

Black January seeks justice for 11 years

ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක ජීවත්වීමට ජනමාධ්‍යවේදීන්ට සිදු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. කලු ජනවාරිය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව ප්‍රකාශ කර ඇත. එම නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර සිටින්නේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු කළ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කරන  බලපෑම පරපුරෙන් පරපුරට ගෙන යා යුතු කටයුත්තක් බවට පත් වී ඇති බවය. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත. යුක්තිය ඉටු කරන බවට පොරොන්දු දී බලයට පත්…

Read More

මාධ්‍යවේදී ප්‍රගීත් සමරා අතුරුදහන් වුවන් වෙනුවෙන් වෙබ් අඩවියක්!

Website for journalist Prageeth

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් අතුරුදහන් කර යුක්තිය ඉටු නොවී  මේ වන විට එකොලොස් වසරක් ගත වී තිබේ. ඒ නිමිති කොට www.ekneligodaforum.org නමින් වෙබ් අඩවියක් ජනගත කිරීමට “එක්නැලිගොඩ සංසඳය” කටයුතු සංවිධානය කර ඇත. 2021 ජනවාරි මස 25 වන සඳුදා සවස 4 සිට 6 දක්වා බොරැල්ල, ආචාර්ය ඇන්. ඇම් පෙරේරා පරිශ්‍රයේදී  එම වෙබ් අඩවිය ජනගත කිරීමට නියමිත බව සංවිධායකයෝ පවසති. “ප්‍රගීත් එක්නැලිගොඩ නම් ඒ  ඒ මානව ප්‍රේමියා අපෙන් උදුරාගෙන වසර 11යි!” එම වෙබ් අඩවියේ තේමාවයි. එකොලොස් වසරක් පුරා  අතුරුදහන් ප්‍රගීත් එක්නැළිගොඩ වෙනුවෙන්   යුක්තිය සොයා තමන් කළ ක්‍රියාකාරකම් මෙන්ම  ප්‍රගීත් එක්නැළිගොඩ…

Read More

“ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්‍යවේදීන්ගේ නඩු වසා දැමුවාද?  මනුෂ විමසයි.

Journalists' cases closed? Manusha Nanayakkara asks

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී  මාධ්‍ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මාධ්‍ය ගැලරියේ මාධ්‍යවේදීන් නොමැතිව මුදල් ඇමැතිවරයාට තමන්ගේ අය වැය කතාව ඉදිරිපත් කිරීමට සිදුවු අතර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාව වන විට පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබෙන බවත් ඔහු පවසයි. දැන් පාර්ලිමේන්තුව මාධ්‍යවේදීන්ට වසා තියෙන්නේ කොරෝනා හැදෙන්නේ  මාධ්‍යවේදීන්ට පමණක් වන නිසාද? එසේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට කොරෝනා හැදෙන්නේ නැද්ද? පොලිසියට…

Read More